Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
දේශීය සාම්ප්‍රදායික සටන් කලාවකින් පැවැත එන අංගම්පොර ක්‍රීඩාවට වසර 202 ක් තරම් වන යටත් විජිත යුගයේ සිට පනවා ඇති තහනම ඉවත් කිරීම සඳහා ගැසට් නිවේදනයක් නිකුත් කරන බව ක්‍රීඩා ඇමැති නාමල් රාජපක්ෂ මහතා පවසයි. කොරතොට අංගම්පොර සටන් පාසලේ පැවැති උත්සවයකට ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වෙමින් ඇමැතිවරයා එසේ පැවැසීය.
ඇමතිවරයා වැඩිදුරටත් පැවැසුවේ, වසර 1818 දී ඉංග්‍රීසින් විසින් අංගම්පොර සටන් කලාව තහනම් කිරීමට ගත් තීරණය ගැසට් නිවේදනයකින් ඉවත් කිරීමට කටයුතු කරන බවයි.
“ඉංග්‍රීසින් තහනම් කළත් දැන් වසර 202 කට ආසන්න කාලයක් රහසිගතව අංගම්පොර ක්‍රීඩාව පවත්වාගෙන යන්න අපට හැකි වෙලා තිබෙනවා. තහනම ගැසට් නිවේදනයෙන් ඉවත් කරගත්තාට පස්සේ පාරම්පරික ක්‍රීඩාව රටේ ජාතික ක්‍රීඩාවක් බවට පත්වෙනවා විතරක් නොවෙයි එය ජාත්‍යන්තර වශයෙන් ද ප්‍රචලිත කරන්න ක්‍රීඩා අමාත්‍යාංශය බලාපොරොත්තු වෙනවා” යයි ද ඇමැතිවරයා උත්සව සභාවේදී වැඩිදුරටත් පැවැසීය.
ඔහු එහිදී තවදුරටත් පැවැසුවේ අංගම්පොර සටන් කලාව ඇතුළුව රටේ පැරැණි ජන ක්‍රීඩා හා සටන් ක්‍රම පිළිබඳව අනාගත පරපුර දැනුවත් කිරීමේ අරමුණින් ඉදිරියේදී සංරක්ෂණ කෞතුකාගාරයක් ද ස්ථාපිත කරන බවයි.
මෙම උත්සව අවස්ථාවට පාසල් ක්‍රීඩා යටිතල පහසුකම් ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය තේනුක විදානගමගේ, එම අමාත්‍යාංශයේ ලේකම් රවින්ද්‍ර සමරවික්‍රම මහත්වරු ද සහභාගි වූහ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.