Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(නාමල් පතිරගේ)
ක්‍රීඩා පනතේ රෙගුලාසි උල්ලංඝනය වන බැවින් අපේක්ෂා කළ පරිදි ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ මීළඟ නිලවරණය ලබන අගෝස්තු 31 වැනිදා කැඳවීමට නොහැකි වනු ඇතැයි වාර්තාවේ. ඒ අතර කළුතර පාපන්දු ලීගයේ සභාපති වෛද්‍ය මනිල් ප්‍රනාන්දු මහතා එදින නිලවරණය කැඳවීමට ගන්නා උත්සාහයට විරෝධය පළ කරමින් ක්‍රීඩා ඇමැතිවරයාට විරෝධතාවයක් බාරදී ඇතැයිද වාර්තාවේ.
මෙම තත්ත්වය සම්බන්ධයෙන් ලංකාදීපය කළ විමසුමකදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ සභාපති ජස්වර් උමාර් මහතා ජූලි 30 වැනිදා නිලවරණය කැඳවීමට සූදානම් කර තිබියදී උසාවි ගොස් එය කඩාකප්පල් කළ පාර්ශවයක් නැවත වතාවක් එය කැඳවීමට ගන්නා වූ උත්සාහයට බාධා පමුණුවා ඇතැයි පැවසීය.
මෙම තත්වය සැලකිල්ලට ගනිමින් මීළඟ නිලවරණය කැඳවීම සඳහා ශ්‍රී ලංකා පාපන්දු ආයතනය අන්තර්ජාතික පාපන්දු සම්මේලනයේ උපදෙස් ලබා ගැනීමට තීරණය කර ඇතැයිද හෙතෙම පැවසීය.
ඒ අනුව ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ හා ක්‍රීඩා අමාත්‍යාංශයේ ප්‍රධානීන් ඇතුළුව නිලවරණයට මැදිහත්ව සිටින පාර්ශ්ව හා හවුල්කරුවන් සමග සාකච්ඡා කිරීම සඳහා එහි නියෝජිතයන් පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.
විශේෂයෙන්ම ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ නව ව්‍යවස්ථාව අන්තර්ජාතික සම්මේලනයට අනුගත වන ආකාරයෙන් සකස් කර ක්‍රියාවට නැගීම දිගින් දිගටම ප්‍රමාදවීම ගැන එහිදී ඔවුන් දැඩි අවධානයට යොමු කරනු ඇතැයි ශ්‍රී ලංකා පාපන්දු ආයතන ආරංචි මාර්ග සඳහන් කරයි.
වාර්තා වන පරිදි පාපන්දු ආයතනයේ මීළඟ නිලවරණය සඳහා ආසන්නතම දින යොදාගැනීම කර තිබූ ලබන අගෝස්තු 31 වැනිදා වන කැඳවීම ප්‍රායෝගිකව දුෂ්කර වී ඇත්තේ ක්‍රීඩා පනතට අනුව ඒ සඳහා අවම පෙර දින සූදානම මේ වනවිට ප්‍රමාණවත් නොවෙමින් පවතින නිසාය.
නව පාපන්දු ව්‍යවස්ථා කෙටුම්පත අනුමත කර ගැනීම මෙන්ම නිලවරණ මෙහෙයුම් කමිටුව පත්කර ගැනීම විශේෂ මහා සභා රැස්වීමක් කැඳවමින් සිදු කළ යුතුය. එහිදී එයින් පසුව නිලවරණය කැඳවීම සඳහා තවත් අවම දින 45ක කාලයක් වෙන්කළ යුතුය. එම සියලු කටයුතු සඳහා අවම දින 55ක පමණ කාලයක් ගතවන බැවින් ලබන අගෝස්තු 31 වැනිදා නිලවරණය කැඳවීම ප්‍රායෝගීක නොවන බව ශ්‍රී ලංකා පාපන්දු ආයතනය ආරංචි මාර්ග සඳහන් කරයි.
කෙසේ වුවත් ජූලි 30 වැනිදා හෝ ආසන්න දිනයකදී පාපන්දු නිලවරණය පැවැත්වීමේ අපේක්ෂාවෙන් නිලවරණ කමිටුව පත්කර ගැනීම සඳහා පසුගිය මැයි 17 වැනිදා පොළොන්නරුවේදී කැඳවීමට සූදානම් කර තිබූ ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ විශේෂ මහා සභා රැස්වීම අධිකරණයේ නියෝගයකින් අත්හිටුවීමට සිදුවිය. ඒ කිලිනොච්චිය හා ‘රාජ්‍ය සේවා’ යන පාපන්දු ලීග දෙකක ලේකම්වරුන් ගොනු කර තිබූ විරෝධතාවක් සළකා බලමිනි. ඒ එම ලීග පාපන්දු නිලවරණයෙන් ඉවත් කිරීමට ගත් තීරණයට එරෙහිවය.
කෙසේ වුවත් එකී පාපන්දු ලීග දෙකේ ඉල්ලීම් ඉවත දමමින් විශේෂ මහා සභා රැස්වීම් කැඳවීමට එරෙහිව පනවා තිබූ වාරණයද ඉවත් කිරීමට අධිකරණය පසුව කටයුතු කළේය.
කැඳවෙන මීළඟ පාපන්දු නිලවරණය ද දෙකොන් සටනක් බවට පත්වනු ඇතැයිද වැඩිදුරටත් වාර්තාවේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.