Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(නාමල් පතිරගේ)
ජපානයේ ටෝකියෝ නුවරදී නිමාවට පත්වූ ලෝක කායවර්ධන ශූරතා හා ලෝක කුසලාන (පිරිමි) තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලංකාව එහි ප්‍රධානතම ඉසව් කාණ්ඩයේදී අසාර්ථක විය.
කෙසේවූවත් ක්‍රීඩකයන් සිව් දෙනකු තරග වැදුණු කනිෂ්ඨ - පිරිමි (වයස 15 ත් 23 ත් අතර විවෘත) කාණ්ඩයේ ඉසව්වේ ලෝකඩ පදක්කම හිමි කර ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩක මොහොමඩ් අස්ෆාක්ට හැකි විය.
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩකයෝ හය දෙනෙක් ඇතුළත් වූහ. ඔවුන් සියලු දෙනා පෞද්ගලිකව වියදම් දරමින් මෙම ලෝක කුසලාන තරග සංචාරයට සහභාගි වූ බව වාර්තාවේ.
වියදම් ලබා නොදෙන කොන්දේසිය මත මෙම තරග සංචාරයට සිය අනුමැතිය ලබාදෙන බව ක්‍රීඩා අමාත්‍යාංශය කායවර්ධන සම්මේලනයට දැනුම්දී තිබුණි. ඒ අනුව කායවර්ධන සම්මේලනය තරග සංචාරයට නිර්දේශ ලැබූ ශ්‍රී ලංකා තරගකරුවන්ට දැනුම්දී තිබුණේ අතින් වියදම් දරමින් මෙම තරග සංචාරයට සහභාගි වීමේ බාධාවක් නොමැති බවයි.
ඒ අනුව නිර්දේශ ලැබූ ශ්‍රී ලංකා ක්‍රීඩකයන් ගෙන් කොටසක් පමණක් ඊට සහභාගීවී තිබෙන අතර වියදම් දැරිය නොහැකි ඉතිරි ක්‍රීඩකයන් තරග සංචාරයෙන් ඉවත්වී තිබේ.
කෙසේවූවත් ශ්‍රී ලංකා කායවර්ධන හා ශාරීරික යෝග්‍යතා සම්මේලනයේ ලේකම් කපිල කුමාර මහතා ඇතුළු එහි නිලධාරීන් කීපදෙනකුත් මෙම තරග සංචාරයට එක්ව තිබේ.
මෙවර සමස්ත තරගාවලියේ ශූරයා වූ ජපානයේ කෙයිටා ෂිමාඩා ලෝක අයෝමය ශූරයා (2024) ලෙස කිරුළු පැළදීය.
මෙවර ලෝක ශූරතා තරගාවලියට කායවර්ධන, ශාරීරික යෝග්‍යතා හා මාංශ පේෂීන් කාන්තා හා පිරිමි ඉසව් 100 කට වැඩි ගණනක් ජ්‍යෙෂ්ඨ හා කනිෂ්ඨ යන කාණ්ඩ දෙකෙන්ම පැවැත්විණි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.