Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news අධ්‍යක්ෂ ධූරය රත්නමුදලිට

අධ්‍යක්ෂ ධූරය රත්නමුදලිට

දිලිනි මල්රුක්ෂි - 2014 අගෝ මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සැප්තැම්බර් 1 වැනිදා සිට කි‍්‍රයාත්මක වන පරිදි ජාතික කී‍්‍රඩා විද්‍යායතනයේ අධ්‍යක්ෂ ජනරාල් ධූරයට සී. රත්නමුදලි මහතා පත් කිරීමට තීරණය වී ඇතැයි වාර්තාවේ. රත්නමුදලි මහතා මේ වන විට මොරටුව විශ්ව විද්‍යාලයේ කී‍්‍රඩා අධ්‍යක්ෂකවරයා ලෙස කටයුතු කරයි.

ජාතික කී‍්‍රඩා විද්‍යායතනයේ අධ්‍යක්ෂ ජනරාල් ධූරයේ මේ වන විට වැඩ බලන්නේ කී‍්‍රඩා අමාත්‍යංශයේ අධ්‍යක්ෂකවරයකු වන ශාන්ත වීරසිංහ මහතාය.

ජාතික කී‍්‍රඩා විද්‍යායතනයේ අධ්‍යක්ෂ ජනරාල් ධූරය අවසන් වරට දැරූ යෝගානන්ද විජේසුන්දර මහතා එම ධූරයෙන් විශ‍්‍රාම ගැනීමෙන් පසු එම තනතුරට සුදුස්සකු පත් කර ගැනීමට වසර ගණනාවක් තිස්සේ කී‍්‍රඩා අමාත්‍යංශයට නොහැකි විය.

රත්නමුදලි මහතා මේ වන විට ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ තාක්ෂණික අධ්‍යක්ෂ ධූරයේ කටයුතු කරන අතර කියුබාවේදී වසර හයක අන්තර් ජාතික වොලිබෝල් පාඨමාලාවක් හැදෑරුවෙකි.

මීට පෙර ඔහු ජාතික කී‍්‍රඩා විද්‍යායතනයේ කථිකාචාර්යවරයෙකු ලෙසත් කටයුතු කර ඇත. එළඹෙන ලෝක විශ්ව විද්‍යාල කී‍්‍රඩා උළෙලට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායමේ ප‍්‍රධානියා ලෙසත් ඔහු පත් කර තිබේ. එම කී‍්‍රඩා උළෙල චීනයේ ශුඇංෂු නුවරදී පැවැත්වේ.


අදහස් (0)

අධ්‍යක්ෂ ධූරය රත්නමුදලිට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.