Last Update  :  2025-03-20 21:32:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news අන්තර්ජාතික කබඩි සම්මේලනයේ උප සභාපති අනුර

අන්තර්ජාතික කබඩි සම්මේලනයේ උප සභාපති අනුර

editorial - 2022 අප්‍රේ මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඩුබායි නුවරදී අන්තර්ජාතික කබඩි සම්මේලනයේ මහ සමුළුවට සමගාමීව පැවැති නිලවරණයේදී ශ්‍රී ලංකා කබඩි සම්මේලනයේ සභාපති අනුර පතිරණ මහතා උපසභාපති ධුරයකට තේරී පත් විය.

අන්තර්ජාතික කබඩි සම්මේලනයේ සාමාජික රටවල් ගණන 64කි.

මලයාසියාවේදී ශ්‍රී ලංකා කබඩි පුහුණුකරුවන් හා විනිසුරුවන් 25 දෙනකුට ‘බී’ බලපත්‍රලාභී පුහුණු පාඨමාලාවකට සහභාගි කරවීම ඇතුළුව මෙරට කබඩි ක්‍රීඩාවේ ප්‍රවර්ධනය සඳහා ප්‍රතිලාභ රැසක් ලබාදීමට අන්තර්ජාතික කබඩි සම්මේලනයේ නව විධායක සභාව ශ්‍රී ලංකාවට ප්‍රතිඥා දී සිටි බව ද අනුර පතිරණ මහතා පැවසීය. 

ජාත්‍යන්තර කබඩි සම්මේලනයේ උපසභාපති ධුරයකට පත් පළමු ශ්‍රී ලාංකිකයා බවට පත් වූ අනුර පතිරණ මහතා අන්තර්ජාතික කබඩි සම්මේලනයේ නව සභාපති විනෝද් තිවාරි මහතා අතින් පත්වීම් ලිපිය ලබාගත් අයුරු. ශ්‍රී ලංකා කබඩි සම්මේලනයේ ලේකම් ආර්. ෂහිවාන් මහතා ද මෙහි වේ. 


අදහස් (0)

අන්තර්ජාතික කබඩි සම්මේලනයේ උප සභාපති අනුර

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.