Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news අන්තර්ජාතික පාපන්දු තරග ඉරාකයටත්

අන්තර්ජාතික පාපන්දු තරග ඉරාකයටත්

රොෂාන් ගුණරත්න - 2018 මැයි මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ලබන නොවැම්බරයේ දී බටහිර ආසියානු පාපන්දු සම්මේලන ශූරතාවලියට සත්කාරකත්වය ලබා දෙමින් දශක තුනකට පසුව ඉරාකය අන්තර්ජාතික පාපන්දු තරගාවලියක් පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ. 

අනූව දශකයේ මුල් භාගයේදී කුවේට් දේශය ආක්‍රමණය කරමින් ඉරාකය යුද ගැටුම්වලට මැදිවීමෙන් පසුව ගතවූ කාලය පුරා එරට සිදුවූ ගැටුම් හේතුවෙන් අන්තර්ජාතික පාපන්දු සම්මේලනය විසින් තරග තහනමක් පැනැවීමට පියවර ගෙන තිබිණි. එහෙත් දශක තුනකට පසුව එම තහනම ඉවත් කිරීමට පසුගිය මාර්තු මාසයේදී අන්තර්ජාතික පාපන්දු සම්මේලනය පියවර ගත්තේය.

පසුගිය පෙබරවාරියේදී සෞදි අරාබි පාපන්දු කණ්ඩායම සුහද තරගයක් සඳහා ඉරාකයේ සංචාරය කළ අතර අන්තර්ජාතික පාපන්දු සම්මේලනය ඉරාකයේ පාපන්දු තහනම ඉවත් කිරිමේ දී ඒ කාරණාවත් සැළකිල්ලට ගත්තේය.

ඉරාකයට ලබන නොවැම්බරයේ දී අන්තර්ජාතික පාපන්දු තරගාවලිය පැවැත්වීමේ අවස්ථාව උදාවූයේ බටහිර ආසියා පාපන්දු සම්මේලය විසින් කරනු ලැබූ ආරාධනාවකට අනුවය. 

‘ඉරාකය තුළ පාපන්දු තරග පැවැත්වීමේ තහනම ඉවත්වීමෙන් පසුව අන්තර්ජාතික තරගාවලියක් පැවැත්වීමට අපි මහත් උවමනාවෙන් බලා සිටියා. ඕනෑම මට්ටමක තරගයක් පැවැත්වීමට ඉරාකය දැන් සූදානම් බව පෙන්වන්නයි අපිට අවශ්‍ය වෙන්නේ.‘ ඉරාක පාපන්දු සම්මේලනයේ ප්‍රකාශක කමීල් සාගිර් ඒ.එෆ්.පී. පුවත් සේවයට කීවේය.

අරාබි රටවල් 12ක් තරග වදින බටහිර ආසියානු පාපන්දු සම්මේලන ශූරතාවලිය පැවැත්වෙන්නේ ඉරාකයේ දකුණු කලාපයේ නගරයක් වන බස්රා හීදිය. අන්තර්ජාතික ක්‍රීඩා පිටියට නැවත පිවිසීමේ අරමුණ ඇතිව පසුගිය කාලය පුරා එරට ක්‍රීඩාංගණවල ඉදිකිරිම් සහ ප්‍රතිසංස්කරණ වැඩ ලහි ලහියේ සිදුවිය.

 

- 077


අදහස් (0)

අන්තර්ජාතික පාපන්දු තරග ඉරාකයටත්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.