Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news අන්වර් අලීටත් කොරෝනා

අන්වර් අලීටත් කොරෝනා

editorial - 2021 මැයි මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ක්වේටා ග්ලැඩියේටර්ස් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක අන්වර් අලිට කොරෝනා වයිරසය ආසාදනයවී ඇති බව වාර්තා වේ. ඒ අනුව පාකිස්තානු ප්‍රීමියර් ලීග් තරගාවලිය සඳහා අද (26 වැනිදා) එක්සත් අරාබී එමීර් රාජ්‍යය බලා පිටත්ව යන කණ්ඩායමට එක්වීමේ අවස්ථාව අන්වර් අලිට මඟහැරී යනු ඇත.

පාකිස්තානු ප්‍රීමියර් ලීග් තරගාවලිය සඳහා යන ක්‍රීඩකයන් පිරිසක් කරච්චි නුවර හෝටලයකට ගෙන ගොස් ඇති අතර එහිදී අන්වර් අලිට කරන ලද පී.සී.ආර් පරීක්ෂණය ඍණ ප්‍රතිඵල පෙන්වා තිබේ. නමුත් සඳුදා සිදුකරන ලද දෙවැනි පී.සී.ආර් පරීක්ෂණය කොරෝනා වයිරසය සම්බන්ධයෙන් ධනාත්මකවී තිබේ.

ඔහුව හෝටලය තුළ වෙනම මහලකට ගෙන ගොස් ඇති අතර එහිදී ඔහුට අවම වශයෙන් දින 10 ක් හුදෙකලාව සිටීමට සිදුවනු ඇත. එම කාළය තුලදී සිදුකරනු ලබන පී.සී.ආර් පරීක්ෂණ දෙකක ප්‍රතිඵල ඍණාත්මත වූ පසු ඔහුට හෝටලයෙන් පිටව යාමට අවසර ලැබෙනු ඇත.

අන්වර් අලීගේ සේවය ක්වේටා ග්ලැඩියේටර්ස් පිලට අහිමි වීම විශාල පාඩුවක් වනු ඇත. මේ වනවිට ක්වේටා ග්ලැඩියේටර්ස් කණ්ඩායමට වේග පන්දු යවන්නකු වන නසීම් ෂාගේ සේවයත් අහිමි වී ඇත.  කොවිඩ් -19 රෙගුලාසි උල්ලංඝණය කිරීම හේතුවෙන් නසීම් ෂා කණ්ඩායමෙන් ඉවත් කර තිබේ.

 - 2079

 


අදහස් (0)

අන්වර් අලීටත් කොරෝනා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.