Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අනුරාධපුර දිස්ත‍්‍රික් මලල ක‍්‍රීඩා සංගමය ක‍්‍රියාකාරීව පවත්වාගෙන යාමට අපොහොසත්වීමේ චෝදනාව මත එහි ලේකම් ධුරය දැරූ ජානක පෙරේරා මහතාට වසරක කාලයක්ද, භාණ්ඩාගාරික ලෙස කටයුතු කළ සුනිල් දසනායක මහතාට මාස හයක කාලයක්ද වන පරිදි මලල ක‍්‍රීඩා පරිපාලන කටයුතුවල නියැලීම තහනම් කිරීමට ශ්‍රී ලංකා මලල ක‍්‍රීඩා සංගමයේ විනය කමිටුව නිර්දේශ කර තිබේ.
එම නිර්දේශ අනුමැතිය සඳහා මලල ක‍්‍රීඩා සංගමයේ මධ්‍යම කමිටුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි. මධ්‍යම කමිටු රැුස්වීම ඊයේ (10) පැවැත්වීමට නියමිතව තිබුණි.
මලල ක‍්‍රීඩා සංගමයේ විනය කමිටුවේ සභාපතිවරයා ලෙස අජිත් නාරගල මහතාත් එහි සාමාජිකයන් ලෙස එච්.ඩබ්. නිමල්සිරි හා නීතිඥ දිදුල රාජපක්‍ෂ යන මහත්වරු කටයුතු කරති.
අනුරාධපුරය දිස්ත‍්‍රික් මලල ක‍්‍රීඩා සංගමයේ සභාපතිවරයා ලෙස කටයුතු කළ කීත් මානවඩු මහතා කළ පැමිණිල්ලට අනුව එම විනය කමිටුව පැවැත්වූ පරීක්‍ෂණයකින් පසු දඬුවම් නිර්දේශ ඉදිරිපත් වී තිබේ.
ඔහු මලල කී‍්‍රඩා සංගමයට කළ පැමිණිල්ලකින් කියවුණේ අනුරාධපුර මලල ක‍්‍රීඩා සංගමය නියෝජනය කරමින් සහභාගි වූ නියෝජිතයන් තම අනුමැතියෙන් තොරව සහභාගිකර තිබෙන බවයි. ඒ සඳහා සිය අත්සන ව්‍යාජ ලෙස යොදාගෙන තිබෙන බවත් එම පැමිණිල්ලෙන් ඉදිරිපත් කර තිබුණි.
මෙම පැමිණිල්ල ඔස්සේ එහි නිලධාරීන් කැඳවා පැවැත්වූ පරීක්‍ෂණයෙන් මලල ක‍්‍රීඩා සංගමයේ විනය කමිටුව නිගමනය කර ඇත්තේ සභාපතිවරයාගේ චෝදනාව තහවුරුවී තිබෙන බවයි.
එම පරීක්‍ෂණය ඔස්සේ කළ නිගමනවලට අනුව වසර 10 කට ආසන්න කාලයක් සංගමය තරගාවලි පැවැත්වීමට අපොහොසත්වීම, සංගමයේ ලිපි ලේඛන, ගිණුම් වාර්තා, රැස්වීම් වාර්තා විනිවිදභාවයෙන් පවත්වාගෙන යාමට අපොහොසත්වීම, සභාපතිවරයාගේ අත්සන ව්‍යාජ ලෙස යොදා ගැනීම, මලල ක‍්‍රීඩා සංගමය දුන් අරමුදල් ව්‍යාපෘති සඳහා යොදා නොගැනීම, පැවැත්වූ බව කියන මහසභා රැුස්වීම්වල විනිවිදභාවයක් නොමැතවීම ඇතුළු කරුණු ගණනාවකට එහි ලේකම් හා භාණ්ඩාගාරිකවරයා වගකිවයුතු බවට විනය කමිටුව නිගමනය කර ඇත.
මේ අතර අනුරාධපුර දිස්ත‍්‍රික් මලල ක‍්‍රීඩා සංගමය මෑතදී එහි නිලවරණය පැවැත්වීමට ගත් උත්සාහයක් මලල ක‍්‍රීඩා සංගමයේ නියමයෙන් අත්හිටුවනු ලැබිණ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.