Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ලොව පුරා ක්‍රිකට් තරු රැසක් එකම ක්‍රීඩාංගණයදී දැකගත හැකි, අබුඩාබි ටී-10 තරගාවලිය ඊයේ (28 වැනිදා) ආරම්භ විය. තරගාවලියේ සමාරම්භක තරගයේදී මාරාතා ඇරබියන්ස් කණඩායමට එරෙහිව නොදර්න් වොරියර්ස් කණ්ඩායම තරග වැදිණ.
කණ්ඩායම් 8 ක් සහභාගි වන මෙම තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වෙයි.
මෙම තරගාවලියේ කණ්ඩායම් දෙකක සුවිශේෂී ක්‍රීඩකයන් ලෙස තිසර පෙරේරා සහ ඉසුරු උදාන ක්‍රීඩා කරති. ඉසුරු උදාන බංග්ලා ටයිගර්ස් කණ්ඩායමේ සුවිශේෂී ක්‍රීඩකයා ලෙසත්, තිසර පූනේ වොරියර්ස් කණ්ඩායමේ සුවිශේෂී ක්‍රීඩකයා ලෙසත් මෙවර තරගාවලියට එක්ව සිටිති. ඔවුන් දෙදෙනාට අමතරව ධනංජය ලක්ෂාන් සහ මහේෂ් තීක්‍ෂණ (නොදර්න් වොරියර්ස්) දෙදෙනාත් මතීෂ පතිරණත් (බංග්ලා ටයිගර්ස්) මෙම තරගාවලියට එක්ව සිටිති.
විස්සයි-20 ලෝක කුසලාන (2014) දිනූ ශ්‍රී ලංකා කණ්ඩායමේ සාමාජිකයකු වන තිසර පෙරේරා විස්සයි-20 ක්‍රීඩාවේ මහත් පළපුරුදුකම් ඇත්තෙකි. ඔහු ඉන්දීය ප්‍රීමියර් ලීග් (ඇයි.පී.එල්), පාකිස්තාන ප්‍රීමියර් ලීග්, බංග්ලාදේශ ප්‍රීමියර් ලීග්, කැරිබියන් ප්‍රීමියර් ලීග් සහ බිග් බෑෂ් ලීග් වැනි ලොව පුරා විස්සයි-20 තරගාවලිවලටද සහභාගී වූ අත්දැකීම් බහුල ක්‍රීඩකයෙකි.
ඉසුරු උදාන, ඉන්දීය ප්‍රීමියර් ලීග් සහ ඇෆ්ගනිස්තාන ප්‍රීමියර් ලීග් තරගාවලිවලටද සහභාගි වී ඇති අතර පිතිකරුවන් මුලා කිරීම සඳහා වේගය අඩාල කරමින් යවන පන්දුව උදානගේ ප්‍රබලම තුරුම්පුවකි.
තිසරට සහ උදානට අමතරව ‘ලෝකෙට ලොක්කා‘ ලෙස හැදින්වෙන ප්‍රවේගකාරී කොදෙව් පිතිකරු ක්‍රිස් ගේල්, ඔන්ඩ්‍රි රසල්, සහීඩ් අෆ්රිඩි, ඩ්වේන් බ්‍රාවෝ, ෂොයිබ් මලික් සහ සුනිල් නරේන් වැනි නම් දැරූ ක්‍රිකට් තරු රැසක් මෙවර තරගාවලිය වර්ණවත් කරති.
දින 10 ක් පුරා පැවැත්වෙන මෙම තරගාවලිය පෙබරවාරි මස 6 වැනිදා දක්වා පැවැත්වෙන අතර එහිදී කණ්ඩායම් 8 ක් 4 බැගින් වූ කාණ්ඩ දෙකක් යටතේ ලීග් ක්‍රමයට අනුව තරග වදිනු ඇත. මූලික වටය අවසානයේ කාණ්ඩ දෙකේම ඉදිරියෙන්ම සිටින කණ්ඩායම් 4 අතර අවසන් පූර්ව වටයට පිවිසෙනු ඇත.
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.