Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news අභිෂේක්ගේ දස්කම් ත්‍රිත්ව විදුහල දිනවයි

අභිෂේක්ගේ දස්කම් ත්‍රිත්ව විදුහල දිනවයි

editorial - 2020 පෙබ මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ මහනුවර ත්‍රිත්ව විදුහල සහ මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහල අතර අස්ගිරිය ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති I කාණ්ඩයේ තරගයෙන් කඩුලු 9 ක ජයක් අත්කර ගැනීමට ත්‍රිත්ව විදුහල සමත් විය.

එහිදී ත්‍රිත්ව විදුහල් අභිෂේක් ආනන්දකුමාර් ලකුණු 92 ක් රැස්කරමින් සහ ලකුණු 62 කට කඩුලු 6 ක් දවාගනිමින් පිත්තෙන් මෙන්ම පන්දුවෙන්ද එකසේ දස්කම් දැක්වීය.


ත්‍රිත්ව විදුහල් පළමු ඉනිම - ඕවර 63.2 කදී සියලු දෙනා දැවී 230  
(අභිෂේක් ආනන්දකුමාර් 92, තෙවින් අමරසිංහ 39, රනුද සෝමරත්න 24, දීමන්ත බණ්ඩාර 21, කළණ සංදීප 79/3, ඉඳුවර ද අල්විස් 30/2, සසික පෙරේරා 38/2)

ශාන්ත සෙබස්තියන් විදුහල් පළමු ඉනිම - ඕවර 45.4 කදී සියලු දෙනා දැවී 102  
(යෂාන් අවිෂ්ක නොදැවී 43, දුනිත් ජයතුංග 26, උවිඳු විමලධර්ම 29/4, අභිෂේක් ආනන්දකුමාර් 19/3)

ශාන්ත සෙබස්තියන් විදුහල් දෙවැනි ඉනිම - ඕවර 55.1 කදී සියලු දෙනා දැවී 160
(කළණ සංදීප 31, සුකිත ප්‍රසන්න 30, බිහඟ මෙන්ඩිස් 25, ෂේන් ගුණතිලක 45/5, අභිෂේක් ආනන්දකුමාර් 43/3, උවිඳු විමලධර්ම 33/2)

ත්‍රිත්ව විදුහල් දෙවැනි ඉනිම - ඕවර 7.1 කදී කඩුල්ලක් දැවී 37
(පවන් පතිරාජ නොදැවී 21)


-036

 


අදහස් (0)

අභිෂේක්ගේ දස්කම් ත්‍රිත්ව විදුහල දිනවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.