Last Update  :  2025-04-22 20:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news අභිෂේක් - කවිෂ්ක ත්‍රිත්ව විද්‍යාලයට ජය ගෙනෙති

අභිෂේක් - කවිෂ්ක ත්‍රිත්ව විද්‍යාලයට ජය ගෙනෙති

සංජය එරමුදුගොඩ - 2019 පෙබ මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ තරගයකදී මහනුවර කිංග්ස්වුඞ් විද්‍යාලයට එරෙහිව ලකුණු 271 ක ජයක් ලබාගැනීමට මහනුවර ත්‍රිත්ව විද්‍යාලය සමත්විය. මෙම තරගය මහනුවර අස්ගිරිය ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

අභිෂේක් අනාන්දකුමාර් (නොදැවී 100) ශතකයක් සහ කඩුලු 3 ක් දවාගනිමින් තුන් ඉරියව්වෙන් දස්කම් දැක්වූ අතර කවිෂ්ක සේනාධීර පළමු ඉනිමේදී දවාගත් කඩුලු 7 ත් සමගින් ලකුණු 60 කට කඩුලු 13 ක් දවාගනිමින් මහනුවර ත්‍රිත්ව විද්‍යාලය ජයග්‍රහණය කරා රැගෙන යාමට සමත්විය.


ත්‍රිත්ව විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 65.2 කදී සියලුදෙනා දැවී ලකුණු 264
(පුබුදු බණ්ඩාර 57, චානුක කුමාරසිංහ 53, දිනිත සිරිවර්ධන 39, ජෙෆ් වීරසිංහ 27, උමෙල් රයිසාන් 23, දේවින්ද දම්ෂික 42/3, ලක්මාල් ද සිල්වා 102/3)

කිංග්ස්වුඞ් විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 49.4 කදී සියලුදෙනා දැවී ලකුණු 125
(හර්ෂණ වික්‍රමසිංහ 34, කවිෂ්ක සේනාධීර 46/7, අවිශ්ක සේනාධීර 24/2)

ත්‍රිත්ව විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 29.1 කදී කඩුලු 6 ක් දැවී ලකුණු 165
(අභිෂේක් අනාන්දකුමාර් නොදැවී 100, ශේන් ගුණතිලක 26, දුමින්ද දම්ෂික 27/3, දීඝායූ බණ්ඩාර 48/3)

කිංග්ස්වුඞ් විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 14.5 කදී සියලුදෙනා දැවී ලකුණු 33
(කවිෂ්ක සේනාධීර 14/6, අභිෂේක් අනාන්දකුමාර් 12/3)

 


අදහස් (0)

අභිෂේක් - කවිෂ්ක ත්‍රිත්ව විද්‍යාලයට ජය ගෙනෙති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.