Last Update  :  2025-04-22 20:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news අයනගේ ශතකය මූවර්ස් පිලට ජය ගෙනෙයි

අයනගේ ශතකය මූවර්ස් පිලට ජය ගෙනෙයි

සංජය එරමුදුගොඩ - 2019 මාර් මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අයන සිරිවර්ධනගේ (නොදැවී 105) විශිෂ්ට පිතිහරඹය හමුවේ අන්තර් සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියේදී නාවික හමුදා කණ්ඩායමට එරෙහිව වැලිසර නාවික හමුදා ක්‍රීඩාංගණයේදී පැවැති තරගයේදී ලකුණු 12 ක ජයක් හිමිකර ගැනීමට මූවර්ස් පිල අද (4 වැනිදා) සමත්විය.

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් මූවර්ස් පිල ඕවර 50 අවසානයේදී කඩුලු 7 ක් දැවී ලකුණු 319 ක් රැස්කිරීමට සමත්විය.

ලකුණු 137 කට කඩුලු 5 ක් දැවී තිබියදී පිටියට පිවිසි අයන සිරිවර්ධන වේගවත් පිතිහරඹයක නිරත වෙමින් පන්දු 50 කදී නොදැවී ලකුණු 105 ක් රැස්කිරීමට සමත්විය. හයේ පහර 9 ක් සහ හතරේ පහර 8 කින් ඔහුගේ ඉනිම අලංකාර විය. ඔහුට අනගි සහයක් ලබාදුන් චාමර සිල්වා පන්දු 72 කදී හතරේ පහර 8 ක් සමගින් ලකුණු 63 ක් රැස්කළේය.

චාමර සිල්වා සමගින් එක්ව හයවැනි කඩුල්ල සඳහා පන්දු 70 කදී ලකුණු 106 ක සම්බන්ධතාවයක් ගොඩනැගීමට අයන සිරිවර්ධන සමත්විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 320 ක ඉලක්කයක් හඹාගිය නාවික හමුදාවට ඕවර 50 අවසානයේදී කඩුලු 9 ක් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 307 ක් පමණි.

ඩිලාන් චන්දිම (53), තරුෂාන් ඉද්දමල්ගොඩ (61), දුෂාන් හේමන්ත (87) සහ සාලිත ප්‍රනාන්දු (50) අර්ධ ශතක රැස්කරමින් දස්කම් දැක්වුවද ජයග්‍රහණයට එය ප්‍රමාණවත් නොවීය.

අතර් සමාජ එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ තවත් තරග 10 ක් අද පැවැති අතර එහිදී ජයග්‍රහණ හිමිකර ගැනීමට එස්.එස්.සී, එන්.සී.සී, බී.ආර්.සී, පානදුර, සැරසන්ස්, බදුරලිය, සී.සි.සී, හලාවත මේරියන්ස්, රාගම සහ යුදහමුදා කණ්ඩායම් සමත්වූහ.


මූවර්ස් - ඕවර 50 කදී කඩුලු 7 ක් දැවී ලකුණු 319
(චරිත කුමාරසිංහ 21, ඉරෝෂ් අමරසූරිය 23, අදීෂ තිලංචන 27, චාමර සිල්වා 63, අයන සිරිවර්ධන නොදැවී 105, නිමේෂ් සුභසිංහ 33, ඩිලාන් චන්දිම 35/2)

නාවික හමුදාව - ඕවර 50 කදී කඩුලු 9 ක් දැවී ලකුණු 307
(ඩිලාන් චන්දිම 53, තරුෂාන් ඉද්දමල්ගොඩ 61, දුෂාන් හේමන්ත 87, සාලිත ප්‍රනාන්දු 50, අදීෂ තිලංචන 38/2, තරිඳු කෞෂාල් 45/2, රමේෂ් මෙන්ඩිස් 47/2)

 


අදහස් (0)

අයනගේ ශතකය මූවර්ස් පිලට ජය ගෙනෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.