Last Update  :  2025-04-22 20:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news අයන් මෑන් තුන් ප්‍රයාම තරගාවලිය 24 වැනිදා

අයන් මෑන් තුන් ප්‍රයාම තරගාවලිය 24 වැනිදා

සංජය එරමුදුගොඩ - 2019 පෙබ මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘ප්‍රෝඇම් සෙරන්ඩිබ්’ ආයතනය සංවිධානය කරන ‘අයන්මෑන් 70.3’ තුන්ප්‍රයාම තරගාවලිය මේ මස 24 වැනිදා පෙරවරු 6.00 සිට කොළඹ, ගාලු මුවදොර පිටිය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වේ. ලොව පුරා රටවල් ගණනාවක වාර්ෂිකව පැවැත්වෙන මෙම තරගාවලිය ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන දෙවැනි අවස්ථාව මෙයයි.

රටවල් 58 ක් නියෝජනය කරමින් තරගකරුවෝ 730 කට අධික පිරිසක් පිරිමි සහ කාන්තා කාණ්ඩ යටතේ මෙම තරගාවලියට සහභාගි වෙති. ඊට ඉන්දියාවෙන් 94 ක්, බ්‍රිතාන්‍යයෙන් 55 ක්, ඕස්ට්‍රේලියාවෙන් 40 ක්, ප්‍රංශයෙන් 34 ක්, ජපානයෙන් 24 ක්ද බැගින් විදෙස් තරගකරුවෝ රැසක් ඇතුළත්ව සිටිති. ඔවුන්ට අමතරව ඇමරිකා එක්සත් ජනපදය, මැලේසියාව, සිංගප්පූරුව, ජර්මනිය, රුසියාව, මාලදිවයින සහ ශ්‍රී ලංකාව නියෝජනය කරමින්ද ක්‍රීඩක ක්‍රීඩිකාවන් විශාල පිරිසක් තරගාවලියට එක්වීමට නියමිතය.

මෙම තරගාවලිය පිහිනීම, පාපැදි සහ මාර්ග ධාවනය යන ඉසව් වලින් සමන්විත තුන්ප්‍රයාම තරගාවලියකි.
තරගකරුවන්ට පළමුව කිලෝ මීටර් 1.9 ක දුරක් පිහිනීමෙන් අනතුරුව කිලෝ මිටර් 90 ක දුරක් පා පැදියක් පැද යා යුතුය. පසුව කිලෝ මීටර් 21.1 ක දුරක් දිවීමටත් ඔවුන්ට සිදුවේ. එය සැතපුම් 70 යාර 378 ක දුරකි. එබැවින් මෙම තරගාවලිය අයන් මෑන් 70.3 ලෙසින් හැඳින්වේ.

තරගාවලියේ ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් සඳහා කුසලාන සහ සහතිකපත් පිරිනැමෙන අතර එහි ත්‍යාග ප්‍රදානෝත්සවය එදිනම පස්වරුවේ කොළඹ ශ්‍රැංග්‍රිලා හෝටලයේදී පැවැත්වේ.

ජනාධිපති මාවත, ශ්‍රීමත් බාරොන් ජයතිලක මාවත, යෝක් වීදිය, සහ බී.ඕ.සී. මාවත ඔස්සේ පාපැදි පැද යාමට සකස් කර තිබේ. මාර්ග ධාවනය සඳහා වන කොටස කොල්ලුපිටිය මන්සංධිය දක්වා දීර්ඝ කර තිබේ. එබැවින් වැඩි ප්‍රේක්ෂකයන් පිරිසකට තරගය නැරඹීමේ හැකියාව ලැබෙනු ඇතැයි සංවිධායකයෝ අපේක්ෂා කරති.

තරගාවලියේ ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යංශය කටයුතු කරන අතර එහි මුද්‍රිත මාධ්‍ය අනුග්‍රහය විජය පුවත්පත් සමාගමෙනි. ශ්‍රැංග්‍රිලා හෝටලය, මාස්, ශ්‍රී ලංකන් ගුවන් සමාගම, සෙලින්කෝ, හේලීස්, ඇඞ්වෙන්ටීස්, ඩිල්මා තේ, ආසිරි, අඩිඩාස්, එස්.අයි.එස්., කැන්ට්‍රා එල්.එම්.ආර්.බී., රොටරැක්, ග්‍රැවිටි, බර්නාඞ්ස්, රේන්බෝ, ස්පිනර්ස් සහ 230අයි තරගාවලියේ සෙසු අනුග්‍රහකයන් ලෙස කටයුතු කරති.

 

 


අදහස් (0)

අයන් මෑන් තුන් ප්‍රයාම තරගාවලිය 24 වැනිදා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.