Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
‘කොරෝනා’ වෛරසයේ අවදානම හේතුවෙන් දින නියමක් නොමැතිව කල්දමා ඇති ඉන්දීය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය (අයි.පී.එල්.) ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය යෝජනා කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා ‘ලංකාදීප’යට පැවසීය.
ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය මෙම යෝජනාවට මේ දක්වා ප්‍රතිචාර දක්වා නොමැති බවත් ශ්‍රී ලංකාව තුළ ‘කොරෝනා’ වෛරසයේ අවදානම ඉදිරි දින කීපයේදී පහව ගියහොත් ඉන්දියාව එම යෝජනාව කෙරෙහි අවධානය යොමු කිරීමට ඉඩ ඇති බවත් සභාපතිවරයා පැවසීය.
“අයි.පී.එල්. තරගාවලිය අවලංගු කිරීමට සිදුවහොත් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයට සහ තරගාවලියේ පාර්ශවකරුවන්ට ඩොලර් මිලියන 500 ක් වගේ අති දැවැන්ත මූල්‍යමය පාඩුවක් වන බවට කියවෙනවා. ඒ නිසා වෙනත් රටක හෝ තරගාවලිය පැවැත්වුවහොත් පාඩුව අවම කරගැනීමේ හැකියා ලැබෙනවා”
“මම හිතන්නේ අපේ රටේ හෝ තරගාවලිය පැවැත්වුවහොත් ඉන්දීය ක්‍රිකට් ලෝලීන්ට රූපවාහිනියෙන් හෝ තරගාවලිය නැරඹීමේ අවස්ථාව ලැබෙනවා. අයි.පී.එල්. තරගාවලිය මීට පෙර දකුණු අප්‍රිකාවේ පවත්වලා තියෙනවා” යයි පැවසූ ශම්මි සිල්වා මහතා....
“ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය අපේ යෝජනාවට දක්වන ප්‍රතිචාරය අපි බලාගෙන ඉන්නවා” යයිද පැවසීය.
“ඉන්දියාව අපේ රටේ තරගාවලිය පැවැත්වීමට තීරණය කළහොත් අපේ රටේ සෞඛ්‍ය සහ සෙසු බලධාරීන්ගේ අනුමැතිය ඇතිව පහසුකම් සැළසීමට අපි සූදානම්ව ඉන්නවා. එය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයටත් විශාල ආදායම් ලැබෙන තරගාවලියක් වෙනවා” යැයි ද සභාපතිවරයා වැඩි දුරටත් පැවසීය.
ලෝක ක්‍රිකට් පිටියේ වැඩිම මුදල් ප්‍රමාණයක් සංසරණය වන ලීග් ක්‍රිකට් තරගාවලිය අයි.පී.එල්. තරගාවලියයි.
රවන Sunday, 19 April 2020 04:33 PM
පිස්සුද? ඕක ලංකාවට ගෙනාවම ඉන්දියාවේ අය එනවා බලන්න. ඒ අය ආයේ කොරෝනා අරං ඇවිත් මෙහෙ විනාශ කරයි. මෝඩ වෙන්න එපා සල්ලි ගැන අහලා දැකලා ...
Reply 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.