Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එල්ල වී තිබෙන බව කියන දේශපාලන ඇඟිලි ගැසීම් පිළිබඳ චෝදනාව සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යාංශය සමග නිල සාකච්ඡාවකට අන්තර්ජාතික ක්‍රිකට් සභාවට ඇරියුම් කර සිටින බව ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ මහතා එහි සභාපති ග්‍රේග් බාක්ලේ මහතාට ලිපියක් යොමු කරමින් කියා සිටියි. ඒ සඳහා අන්තර්ජාතික ක්‍රිකට් සභාව නොපමාව පියවර ගනු ඇතැයි තමන් විශ්වාසයෙන් පසුවන බවත් ඇමැතිවරයා එම ලිපියෙන් කියා සිටියි.
ක්‍රීඩා ඇමැතිවරයාගේ මෙම ලිපියට පසුබිම වී ඇත්තේ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් පරිපාලනයට දේශපාලන ඇඟිලි ගැසීම් තිබේද යන්න පිළිබඳ සොයා බැලීම සඳහා අන්තර්ජාතික ක්‍රිකට් සභාව ත්‍රිපුද්ගල කමිටුවක් පත් කළ බවට පළවී තිබෙන සමාජ මාධ්‍ය වාර්තාය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ස්වාධීන විය යුතුය යන ස්ථාවරයේ විෂය බාර ඇමැතිවරයා ලෙස තමාත් පසුවන බව ග්‍රේග් බාක්ලේ මහතාට යොමු කළ ලිපියෙන් වැඩිදුරටත් අවධාරණය කළ ඇමැතිවරයා ක්‍රිකට් ආයතනය පමණක් නොව මෙරට සියලු ජාතික ක්‍රීඩා සංගම් රටේ නීතියට අනුගතව සිය ජාත්‍යන්තර සම්මේලනයන්හි නියාමනයන්ට අනුකූල කටයුතු කිරීමෙන් රටේ ක්‍රීඩාවේ ගුණාත්මක වර්ධනයක් අපේක්ෂා කළ හැකි බව පවසයි.
ජාතික ක්‍රීඩා සංගම් විෂයෙහිලා තහනම් උත්තේජක නීති, දූෂණ විරෝධී නීති හා අණපනත් සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී රටේ පවතින ක්‍රීඩා නීතියට අනුව පමණක් කටයුතු කිරීමට තමා උනන්දු වී සිටින්නේ ඒ සඳහා තමන් වෙත පැවරී ඇති නීතිමය බලය තුළ බවත් ක්‍රීඩා ඇමැතිවරයා බාක්ලී මහතාට යොමු කළ ලිපියේ තවදුරටත් අවධාරණය කර තිබේ.
- 223
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.