Last Update  :  2025-03-17 11:57:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news අලුත් ක්‍රිකට් ව්‍යවස්ථාවක් කෙටුම්පත් කරන්න කමිටුවක්

අලුත් ක්‍රිකට් ව්‍යවස්ථාවක් කෙටුම්පත් කරන්න කමිටුවක්

editorial - 2023 පෙබ මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා  ක්‍රිකට් ආයතනයට නව ව්‍යවස්ථාවක් සැකසීමේ කෙටුම්පත සකස් කිරීම සඳහා විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ.ටී. මිත්‍රසිරි මහතාගේ  ප්‍රධානත්වයෙන් දස පුද්ගල කමිටුවක් පත් කිරීමට ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ මහතා පියවර ගෙන තිබේ.

මෙම කමිටුව පත් කිරීමේ අරමුණ වන්නේ ක්‍රීඩා ඇමැතිවරයා අභියාචනාධිකරණයට දුන් එකඟතාවක් ක්‍රියාත්මක කිරීමයි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වත්මන් ව්‍යවස්ථාව නූතනයට ගැලපෙන ආකාරයට යාවත්කාලීන කරන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා ක්‍රිකට් වෘත්තිකයන් හා  හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන් පිරිසක් මේ වනවිට අභියාචනාධිකරණයේ පෙත්සමක් ගොනුකර තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් නව ව්‍යවස්ථාව කෙටුම්පත් කිරීම සඳහා ක්‍රීඩා ඇමැතිවරයා පත්කළ දස පුද්ගල කමිටුව මෙසේය.

සභාපති-විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ.ටී. චිත්‍රසිරි, ආචාර්ය දුමින්ද හුලංගමුව, ආචාර්ය අරින්ත වික්‍රමනායක, ජනාධිපති නීතිඥ හර්ෂ අමරසේකර, විශ්‍රාමික මේජර් ජනරාල් රේණුක රොබෙල්, දීප්තිකා කුලසේකර, ගයාල් කලටුවැව, හරිගුප්ත රෝහණධීර, චරිත් සේනානායක හා ෆර්විස් මහරුෆ් යන මහත්ම මහත්මීන්.

- 223


අදහස් (0)

අලුත් ක්‍රිකට් ව්‍යවස්ථාවක් කෙටුම්පත් කරන්න කමිටුවක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.