Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
දිල්ලි කැපිටල්ස් හි ජ්‍යෙෂ්ට දඟ පන්දු යවන ක්‍රීඩක රවිචන්ද්‍රන් අශ්වින් මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියෙන් ඉවත් වීමට තීරණය කර ඇත. කොරෝනා වයිරසයට එරෙහි සටනේදී තම පවුලේ අය සමඟ සිටීමට ඉන්දියානු ප්‍රිමියර් ලීග් ජෛව ආරක්‍ෂිත බුබුලෙන් ඉවත්ව යන බව ඔහු ප්‍රකාශ කර තිබේ.
”මම මේ වසරේ අයි.පී.එල් වලින් ඉවත් වෙලා හෙට සිට විවේකයක් ගන්නවා. මගේ පවුලේ අය කොරෝනා වලට එරෙහිව සටනක් දියත් කරනවා. මේ දුෂ්කර කාලයේදී ඔවුන්ට සහයෝගය දැක්වීමට මට අවශ්‍යයි” යැයි ඔහු සිය ට්විටර් ගිණුමේ සටහන් කර ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
අයි.පී.එල් තරගාවලියෙන් ඉවත්වීමට පෙර ඔහු ඊයේ (25 වැනිදා) සිය උපන් ගම වන චෙන්නායි හිදී සන්රයිසස් හයිද්‍රාබාද් පිලට එරෙහිව ක්‍රීඩා කළේය.
34 හැවිරිදි ඔහු තරගාවලියේ අවසාන කාලසීමාවේදී හෝ නැවතත් කණ්ඩායමට එක්වීමේ බලාපොරොත්තුවෙන් පසුවන්නේය. අයි.පී.එල් නියමයන්ට අනුව ඕනෑම ක්‍රීඩකයෙකුට නැවත කණ්ඩායමට එක්වීමට අවස්ථාව ඇති අතර එහිදී ඔවුන් බුබුලට සම්බන්ධ වීමට පෙර නිරෝධායන කාල පරිච්ඡේදයක් ගත කළ යුතුව ඇත.
”සියලුදේ නිවැරදි දිශාවට ගියහොත් නැවත ක්‍රීඩා කිරීමට මම බලාපොරොත්තු වෙනවා” යැයි ඔහුගේ ට්විටර් සටහනේ වැඩි දුරටත් සටහන්විය.
”මෙම දුෂ්කර කාලසීමාවේදී ඔබට අපගේ පූර්ණ සහයෝගය ලබා දෙනවා” යැයි දිල්ලි කැපිටල් පිලද ට්විටර් සටහනක් එක්කර ඇත.
”මගේ රට පුරා සිදුවෙමින් පවතින දේ දැකීම හද කම්පා කරවනවා. මම සෞඛ්‍ය සේවයේ නොසිටින නමුත් ඔවුන්ට මගේ අවංක කෘතඥතාව පිරිනමනවා. සෑම ඉන්දියානුවෙකුටම පරිස්සම් සහගතව හා සුරක්ෂිතව සිටින ලෙස මම ඉතා ගෞරවයෙන් ආයාචනා කරනවා” යැයි රවිචන්ද්‍රන් අශ්වින් මින් පෙරද ට්විටර් සටහනක් යොදා තිබුණි.
අයි.පී.එල් සත්කාරක නගර ඇතුළුව ඉන්දියාවේ විශාල ප්‍රදේශයක් කොරෝනා වසංගතයේ ග්‍රහණයේ පවතී. සෑම දිනකම නව රෝගීන් 300,000 ක් පමණ වාර්තා වේ.
- 2079
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.