Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපතිවරයා ලෙස කටයුතු කළ අසන්ත ද මෙල් මහතා එම තතුරෙන් ඉල්ලා අස්වී ඇත.
මෙල් මහතා ඉකුත් වසරේ (2020) නොවැම්බර් මාසයේදී පිට පිටම තෙවැනි වරටත් ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති තනතුරට පත්වූ අතර ඉන් අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වූ ටෙස්ට් තරගාවලි දෙකම දකුණු අප්‍රිකාව සහ එංගලන්තය හමුවේ 2-0 ක් ලෙස පරාජයට පත්විය.
ශ්‍රී ලංකා කණ්ඩායමේ කලමණාකරු ලෙසද කටයුතු කළ මෙල් මහතා එංගලන්තයට එරෙහිව පැවැති දෙවැනි ටෙස්ට් තරගය ආරම්භ වීමට පෙර කියා සිටියේ තරගාවලිය නිමාවීමෙන් පසුව තමා කලමණාකරු තනතුරෙන් පමණක් ඉල්ලා අස්වන බවත්, තේරීම් කමිටුවේ සභාපතිවරයා ලෙස තවදුරටත් කටයුතු කරන බවත්ය.
පෞද්ගලික හේතුවක් මත කලමණාකරු තනතුරෙන් ඉවත්වන බව පැවසූ මෙල් මහතා, එම අවස්ථාවේදී වැඩිදුරටත් කියා සිටියේ තමා එම තනතුරේ කටයුතු කළේ තාවකාලිකව පමණක් බවය.
මෙල් මහතා 2018 වසරේ නොවැම්බර් මාසයේ සිට මේ දක්වා තේරීම් කමිටුවේ සභාපතිවරයා කටයුතු කළ අතර එම කාලවකවානුව තුළ අවිෂ්ක ප්‍රනාන්දු, ඖෂධ ප්‍රනාන්දු, වනිඳු හසරංග සහ ලසිත් ඇඹුල්දෙණිය වැනි දස්කම් අතර සිටි තරුණ ක්‍රීඩකයන් ජාතික කණ්ඩායමට කැඳවීමට ඔහු පියවර ගත්තේය.
ඔහු සිය ධූර කාලය තුළ ගත් දැඩි තීරණ අතර ටෙස්ට් කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළ දිනේෂ් චන්දිමාල් සහ එක්දින කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළ ලසිත් මාලිංග එම තනතුරුවලින් ඉවත් කොට ඒ සඳහා දිමුත් කරුණරත්න ආදේශ කිරීම ප්‍රධාන තැනක් ගනී.
කෙසේ වුවත් පසුගිය ලෝක කුසලාන තරගාවලිය සඳහා නම් කරන ලද සංචිතයට දිර්ඝ කාලයක් පුරා එක්දින ජාත්‍යන්තර තරගවලට ක්‍රීඩා නොකළ ක්‍රීඩකයක් කිහිප දෙනෙක් නම් කිරීමට මෙල් මහතා ගත් තීරණය බෙහෝ දෙනාගේ විමතියට හේතුවිය.
එහිදී තුන් ඉරියව් ක්‍රීඩකයන් වන ජීවන් මෙන්ඩිස් සහ මිලින්ද සිරිවර්ධන ලෝක කුසලාන සංචිතයට ඇතුළත් කිරීමට මෙල් මහතා පියවර ගැනීම දැඩි ලෙස මතභේදයට තුඩු දුන් තීරණයක් විය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.