Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
පළමු ටෙස්ට් ඉනිමේදී ලකුණු 95 ක් රැස් කිරීමට හැකිවීම පිළිබදව සතුටු වන බවත් ශතකය අහිමිවීම පිළිබදව කණගාටු වන බවත් පාකිස්තානයට එරෙහිව සාජා ක‍්‍රීඩාංගණයේදී පැවැත්වෙන තෙවැනි ටෙස්ට් තරගයේදී මංගල ටෙස්ට් ශතකය අහිමිවූ ඩිල්රුවන් පෙරේරා පැවසීය.
ඩිල්රුවන් රැස්කළ මෙම ලකුණු 95 ශ‍්‍රී ලංකා ටෙස්ට් ක‍්‍රිකට් ක‍්‍රීඩකයකු පළමු ටෙස්ට් ඉනිමේදී මව්බිමෙන් පිටතදී රැස්කළ වැඩි ලකුණු සංඛ්‍යා වේ.
තරගයේ දෙවැනි දිනය වූ අද (17) පස්වරුවේ පැවැති මාධ්‍ය හමුවට සහභාගිවෙමින් ඩිල්රුවන් මෙසේ ද පැවසීය.
”අර්ධ ශතකය සම්පූර්ණ කිරීමට මා බලාපොරොත්තුවෙන් සිටියා, ඒක මට කළහැකි වූණා නමුත් කළ දේ පිළිබදව වඩාත් සතුටට පත් වෙනවා”
”ඇන්ජි (මැතිව්ස්) මට කිව්වා සාමාන්‍ය විදියට පන්දුවට පහර දෙනන් කියලා. අපි වැඩි පුර කඩුල්ලේ ඉමු කියලා මට කිව්වා, ඒ නිසා මට අවශ්‍ය වුණේ හැකි තරම් කඩුල්ලේ රැදී සිටිමයි. අපි දැනගෙන හිටියා පාකිස්තානු දග පන්දු යවන්නන් අභියෝගයක් කියලා, එයට මුහුණ දීමට අපි සූදානමින් සිටියා. අපි හොදින් ක‍්‍රීඩා කිරීම නිසා අපිට සාර්ථක වෙන්න හැකි වුණා”
”දග පන්දු යවන්නකු ලෙස කණ්ඩායමට මා පැමිණියාට, ඒ අවස්ථාවේදී මා කණ්ඩායමට ලකුණු ලබාදිය යුතුයි. ඒ නිසා මා ඒ වගකීම ගත්තා”
තණතීරුවේ හැසිරීම පිළිබදව කළ විමසුමකදී ඩිල්රුවන් මෙසේ අදහස් දැක්වීය.
”තණතීරුවේ ලකුණු රැස්කිරීම අපහසු බව දැනගෙන අපි පන්දුවට පහර දුන්නේ ඒ නිසා අපේ සැළැස්ම වුණේ හැකිතාක් කඩුල්ලේ සිට ලොකු ලකුණු සංඛ්‍යාවකට යෑමයි. ඒ අනුව තමයි මා කඩුල්ලේ රැදී සිට අර්ධ ශතකයට ගියේ”
”පාකිස්තානු පිල පන්දු යවපු ආකාරය වෙනස්, ඔවුන්ගේ දග පන්දු යවන්නෝ ටිකක් වේගයෙන් පන්දු යවව්වා. ඒ නිසා පන්දුව හොදින් පිත්තට ආවා. මේ තණතීරුව මන්දගාමී, මම හිතනවා අපි පන්දු යවන විට මීට වඩා වෙනස් වෙයි කියලා” යයිද ඩිල්රුවන් පෙරේරා පැවසීය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.