Last Update  :  2024-12-27 18:53:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ආචාර ධර්ම කමිටු වාර්තාව 7 - 2 ට ප්‍රතිකේෂ්ප වෙයි

ආචාර ධර්ම කමිටු වාර්තාව 7 - 2 ට ප්‍රතිකේෂ්ප වෙයි

editorial - 2024 දෙසැ මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

ජාතික ඔලිම්පික් කමිටුවේ මහ ලේකම් මැක්ෂ්වෙල් ද සිල්වා මහතාට එරෙහිව එහි ආචාර ධර්ම කමිටුව විසින් ඉදිරිපත් කර තිබෙන නිර්දේශ වාර්තාව  ඔලිම්පික් කමිටුවේ පැවැති  විධායක සභා රැස්වීමේදී ඡන්ද 7 - 2 කට ප්‍රතික්ෂේප විය.

මෙම සිදුවීමේදී වග උත්තරකරු බවට පත් කර සිටින සිල්වා මහතාට කිසිදු සාධාරණ අවස්ථාවක් ලබා නොදෙමින් පැමිණිලිකරු වූ ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපතිවරයාට පක්ෂපාත වන ලෙස මෙම නිර්දේශ වාර්තාව සකස් කර ඇතැයි එහිදී එදින රැස්වූ විධායක සභාවේ බහුතරයකගේ අදහසවී තිබේ.

ආචාර ධර්ම කමිටුව මෙම නිර්දේශ වාර්තාව සකස් කිරීමේදී අනිසි බලයක් ආරූඪ කර ගනිමින් හා ස්වභාවික නීති මූලධර්ම අභිබවා යමින් කටයුතු කර ඇතැයි විධායක සභා රැස්වීමේදී නියෝජිතයන් බහූතරයක් චෝදනා නගා තිබේ.

ආචාර ධර්ම කමිටුව විධායක සභාවට වගකිව යුතු වූවත් උක්ත වාර්තාව සම්බන්ධයෙන් කරුණු විමසීම සදහා විධායක සභාව කළ කැඳවීමද නොසලකා හැර තිබේ.පැමිණිල්ල කළ පාර්ශවය අතටම පළමුව  නිර්දේශ වාර්තාව පත්ව ඇතැයි කියන සිදුවීමෙන්ද එහි විනිවිදභාවය පිළිබදව  විධායක සභාව දැඩි ලෙස ප්‍රශ්න කර තිබේ.

ජාතික ඔලිම්පික් කමිටුවේ විශේෂ මහ සභා රැස්වීමක් ලබන සිකුරාදා (13) පැවැත්වීමට මේ අතර සැළසුම් කර තිබේ.මෙම  වසරට නියමිත  කමිටුවේ වාර්ෂික මහ සභා රැස්වීමද දෙසැම්බර් 30 වැනිදාට කැඳවීමට තීරණය කර තිබේ.සිකුරාදාට නියමිත විශේෂ මහ සභා රැස්වීමේදී ප්‍රධානීන් දෙදෙනාගේ ගැටුමට විසඳුමක් ලෙස ඉක්මන් නිලවරණයක් කැඳවීම සදහා යෝජනාවක් ගෙන ඒමට ජාතික ක්‍රීඩා සංගම් නියෝජිතයන් පිරිසක් සූදානමින් සිටින බවත් වැඩිදුරටත් වාර්තාවේ.

සභාපතිවරයා හා මහ ලේකම්වරයා අතර මේ වන විට පැන නැගී තිබෙන බව කියන දැඩි විරසකය අධිකරණයට යාම දක්වා දිග් ගැසී තිබේ.ඒ අතර ඒ හේතුවෙන් කමිටුවේ කටයුතු අඩපණ වෙමින් තිබෙන බවත් චෝදනා නැගේ.

ආචාර ධර්ම කමිටුවේ උක්ත නිර්දේශ වාර්තාව පදනම් කර ගනිමින්  මැක්ෂ්වෙල් ද සිල්වා මහතාගේ මහ ලේකම් ධූරයේ කටයුතු වළක්වාලන ලෙස ඉල්ලමින් කොළඹ දිසා අධිකරණයේ ජාතික ක්‍රීඩා සංගම් නියෝජිතයන් දෙදෙනකු පවරා තිබෙන නඩුවට අදාළ විරෝධතා දෙසැම්බර 18 වැනිදාට ගොනු කරන ලෙස වග උත්තරකාර පාර්ශ්වයට අධිකරණය දැනුම්දී තිබේ.


අදහස් (0)

ආචාර ධර්ම කමිටු වාර්තාව 7 - 2 ට ප්‍රතිකේෂ්ප වෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.