Last Update  :  2024-09-07 19:58:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ආජන්ටිනා - කැනඩා - කොලොම්බියා - උරුගුවේ අවසන් පූර්ව වටයට
කෝපා ඇමරිකා - 2024

ආජන්ටිනා - කැනඩා - කොලොම්බියා - උරුගුවේ අවසන් පූර්ව වටයට

editorial - 2024 ජුලි මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

දකුණු ඇමරිකානු පාපන්දු සම්මේලනයේ සංවිධායකත්වයෙන් ඇමරිකාවේදී පැවැත්වෙන කෝපා ඇමරිකා - 2024 ජාත්‍යන්තර පාපන්දු තරගාවලියේ අවසන් පූර්ව වටයේ තරග හෙට (9 වැනිදා) සහ අනිද්දා (10 වැනිදා) පැවැත්වෙන අතර එහිදී ආජන්ටිනාවට එරෙහිව කැනඩාවත්, උරුගුවේට එරෙහිව කොලොම්බියාවත් තරග වැදීමට නියමිතය. 

ඉන් පළමු අවසන් පූර්ව තරගය නිව් ජර්සි නුවරදී ආර්ජන්ටිනාව සහ කැනඩාව අතර ශ්‍රී ලංකා වේලාවෙන් 10 වැනිදා අළුයම 5.30 ටත්, දෙවැනි අවසන් පූර්ව තරගය චාර්ලට් නුවරදී උරුගුවේ සහ කොලොම්බියාව අතර ශ්‍රී ලංකා වේලාවෙන් 11 වැනිදා අළුයම 5.30 ටත් ආරම්භ වීමට නියමිතය. 

අර්ධ අවසන් පූර්ව වටයේදී ඉක්වදෝරයට එරෙහිව දඬුවම් පහර 4-2 ක ජයක් වාර්තා කරමින් ආජන්ටිනාවත්, වෙනිසියුලාවට එරෙහිව දඬුවම් පහර 4-3 ක ජයක් වාර්තා කරමින් කැනඩාවත් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තේය. 

කොලොම්බියාව සහ උරුගුවේ අවසන් පූර්ව වටයට පිවිසියේ අර්ධ අවසන් පූර්ව වටයේදී පිළිවෙලින් පැනමාවට එරෙහිව ගෝල 5-0 ක ජයක්ද, බ්‍රසීලයට එරෙහිව දඬුවම් පහර 4-2 ක ජයක්ද වාර්තා කරමිනි. 

අවසන් පූර්ව තරගවලදී ජය ලබන කණ්ඩායම් අතර තරගාවලියේ අවසන් මහ තරගය එළබෙන 14 වැනිදා පස්වරු 8.00 ට මයාමි නුවරදී පැවැත්වෙන අතර එය ශ්‍රී ලංකාවට නැරඹිය හැකි වන්නේ 15 වැනිදා අළුයම 5.30 සිටය. 

අවසන් පූර්ව තරගවලදී පරාජයට පත්වන කණ්ඩායම් අතර තරගාවලියේ තෙවැනි ස්ථානය තේරීමේ තරගය 13 වැනිදා පස්වරු 8.00 ට චාර්ලට් නුවරදී පැවැත්වෙන අතර එය ශ්‍රී ලංකා වේලාවෙන් 14 වැනිදා අළුයම 5.30 සිට නැරඹිය හැකිය. 

රටවල් 16 ක සහභාගීත්වයෙන් ක්‍රීඩාංගණ 14 කදී පැවැති මෙම තරගාවලියේදී මේ දක්වා ගෝල 62 ක් වාර්තා වී ඇති අතර ආජන්ටිනාවේ ලෝටරෝ මාර්ටිනස් ගෝල 4 ක් ලබාගනිමින් තරගාවලියේ වැඩිම ගෝල ලාභීයා බවට පත්ව සිටියි. 

- 036 


අදහස් (0)

ආජන්ටිනා - කැනඩා - කොලොම්බියා - උරුගුවේ අවසන් පූර්ව වටයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.