Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ පෙර අර්ධ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබාගැනීමට කොළඹ ආනන්ද විදුහල අද (6 වැනිදා) සමත්විය.
කොළඹ ආනන්ද විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති පෙර අර්ධ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබාගැනීමේ තරගයේදී කොළඹ ඩි.එස්.සේනානායක විදුහලට එරෙහිව ලකුණු 9 ක ජයක් ලබාගැනීමට ආනන්ද විදුහල සමත්විය.
කළණ විජේසිරි (61) සහ සුදීප අංගුළුගහ (54) අර්ධ ශතක ලබාගනිමින් ආනන්ද විදුහල වෙනුවෙන් පිත්තෙන් දස්කම් දැක්වූහ.
අමිත දාබරේ (130) ශතකයක් ලබාගනිමින් ඩි.එස්.සේනානායක විදුහල වෙනුවෙන් පිත්තෙන් දස්කම් දැක්වුවද සිය කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යාමට අපොහොසත් විය.
ආනන්ද විදුහල - ඕවර 50 කදී කඩුලු 8 ක් දැවී ලකුණු 252
(කළණ විජේසිරි 61, සුදීප අංගුළුගහ 54, ජනිඳු ජයවර්ධන 33, සොනාර කරුණාතුංග 29, නදීශ කරුණාරත්න 24, මෙතුෂාන් කුමාර 52/3, පසිඳු ආදිත්‍ය 37/2)
ඩි.එස්.සේනානායක විදුහල - ඕවර 50 කදී කඩුලු 9 ක් දැවී ලකුණු 243
(අමිත දාබරේ 130, අයන්ත ද සිල්වා 34, චමත් යටවර 30, චාමික ගුණසේකර 28/3)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.