Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ආරක්ෂක සේවා වොලිබෝල් ශූරතා ගුවන් හමුදාවට

ආරක්ෂක සේවා වොලිබෝල් ශූරතා ගුවන් හමුදාවට

සංජය එරමුදුගොඩ - 2014 ජුලි මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් ආරක්ෂක සේවා වොලිබෝල් තරගාවලියේ ශූරතාව සිව් වැනි වරටත් දිනාගැනීමට ශි‍්‍ර ලංකා ගුවන් හමුදා පිරිමි හා කාන්තා කාණ්ඩායම් සමත් විය.

තරගාවලියේ පිරිමි අවසන් තරගයේදී ගුවන් හමුදා කණ්ඩායම සහ යුද හමුදා කණඩායම තරග වැදුණ අතර එම තරගයෙන් තරග වට 3-1 ලෙස ගුවන් හමුදා කණඩායම ජය ගත්තේය.

කාන්තා අවසන් තරගයට සුදුසුකම් ලැබීමට ගුවන් හමුදා කාන්තා කණ්ඩායම සහ නාවික හමුදා කාන්තා කණඩායම සමත් වු අතර එම තරගය තරග වට 3-0 ලෙස ජය ගැනිමට ගුවන් හමුදා කාන්තා කණ්ඩායම සමත් විය.  

ශුරතා දිනාගත් පිරිමි කණ්ඩායමේ නායකයා ලෙස නායක ගුවන් භට ජයවර්ධන කටයුතු කළ අතර ගුවන් හමුදා කාන්තා කණ්ඩායමේ නායිකාව ලෙස නායක ගුවන් කාන්තා දිනේෂා කටයුතු කළාය.  

කටුනායක ශි‍්‍ර ලංකා ගුවන් හමුදා මුලික කදවුරු ශෘහස්ථ කි‍්‍රඩාංගණයේදී පැවැති තරගාවලියේ ආරාධිත අමුත්තා ලෙස මේජර් ජෙනරාල් බොනිපස් පෙරේරා මහතා සහභාගී විය.


අදහස් (0)

ආරක්ෂක සේවා වොලිබෝල් ශූරතා ගුවන් හමුදාවට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.