Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ආරාධිත පාසල් පාපන්දු තරග ඉරිදා සිට

ආරාධිත පාසල් පාපන්දු තරග ඉරිදා සිට

දිලිනි මල්රුක්ෂි - 2015 මාර් මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සමස්ත ලංකා ආරාධිත පාසල් ‘හමීඞ් අල් හුසේනි’ කුසලාන පාපන්දු තරගාවලිය අට වැනි වරටත් ලබන ඉරිදා අදියර (7 වැනිදා) ආරම්භ වේ. මෙම තරගාවලිය 22 වැනිදා දක්වා කොළඹ සුගතදාස කී‍්‍රඩාංගණයේදී පැවැත්වේ.

ඒ. එන්. ටී. ග්ලාස් ඇන්ඞ් ෆිටින්ස් පුද්ගලික සමාගමේ අනුග‍්‍රහය යටතේ හමීඞ් අල් හුසේනි විදුහලේ 80 කණ්ඩායම සංවිධානය කරන මෙම තරගාවලිය සඳහා අරාධිත පාසල් කණ්ඩායම් 18 ක් සහභාගී වීමට නියමිතය.

කොළඹ ආනන්ද විදුහල, මීගමුව අල් හිලාල් මැදි විදුහල, මල්වාන අල් මුබාරක් මැදි විදුහල, කොළඹ ඞී. එස්. සේනානායක, කඳාන ද මැසිනොද් විදුහල, කොළඹ හමීඞ් අල් හුසේනි විදුහල, කොළඹ හින්දු විදුහල, කළුතර සිරිකුරුස විදුහල, කොළඹ ඉසිපතන විදුහල, කොළඹ ලූම්බිණි විදුහල, මීගමුව මාරිස්ටෙලා විදුහල, කොළඹ නාලන්දා විදුහල, කොළඹ රාජකීය විදුහල, කොටහේන ශාන්ත බෙනඩික් විදුහල, කොළඹ තර්ස්ටන් විදුහල, කොළඹ ටී. බී. ජයා මහ විදුහල, කොළඹ වෙස්ලි විදුහල, බම්බලපිටිය ශාන්ත පීතර විදුහල එම කණ්ඩායම් වෙති.

තරගාවලියේ ශූරතාව, අනුශූරතාව සහ තෙවැනි ස්ථානය ලබන කණ්ඩායම් වලට කුසලාන, පදක්කම් සහ සහතිකපත් පිරිනැමීමට නියමිතය.

තරගාවලියේ හොඳම දැල රකින්නාට, වැඩිම ගෝල ලබන කී‍්‍රඩකයාට, වටිනාම කී‍්‍රඩකයාට සහ ජනප‍්‍රියම කී‍්‍රඩකයාටද කුසලාන පිරිනැමීමට සංවිධායක කමිටුව සූදානමින් සිටියි.  

ඒ. එන්. ටී. ග්ලාස් ඇන්ඞ් ෆිටින්ස් පුද්ගලික සමාගමේ අධ්‍යක්ෂ ටී. එස්. එම්. අරූස් මහතා, හමීඞ් අල් හුසේනි විදුහලේ විදුහල්පති එන්. ටී. නසුමුතීන් මහතාට අනුග‍්‍රාහක චෙක්පත ප‍්‍රදානය කළ අයුරු... සංවිධායක කමිටුවේ සභාපති ලහීර් සාලි (වමේ) සහ හමීඞ් අල් හුසේනි විදුහලේ 80 කණ්ඩායමේ සභාපති අබ්දුල් කරීම් (දකුණේ) යන මහත්වරුද මෙහි සිටිති.


අදහස් (0)

ආරාධිත පාසල් පාපන්දු තරග ඉරිදා සිට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.