Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(නාමල් පතිරගේ)
මෙම වසරේදී පැවැත්වීමට සූදානම් කර තිබියදී කල් දමනු ලැබූ 19 වැනි ආසියානු ක්‍රීඩා උළෙල ලබන වසරේ සැප්තැම්බර් 23 වැනිදා සිට ඔක්තෝබර් 8 වැනිදා දාක්වා චීනයේ ‘හන්ජෝ’ නගරයේදී පැවැත්වෙන බව ආසියානු ඔලිම්පික් සභාව නිවේදනය කර තිබේ. මෙම ක්‍රීඩා උළෙල වසරකින් කල් දමනු ලැබුවේ සත්කාරක චීනයේ කොවිඩ් වසංගතය යළි හිස එසවීමේ අවදානමක් උද්ගතවීම නිසාය.
ආසියානු ඔලිම්පික් සභාව නිවේදනය කරන්නේ වසර 2023 ට නියමිත සෙසු ලොව ප්‍රමුඛතම ක්‍රීඩා උළෙල හා ජාත්‍යන්තර තරගාවලිවලට බලපෑමක් නොවන පරිදි මහජන චීනයේ ජාතික ඔලිම්පික් කමිටුව සමග සාකච්ඡා කර ආසියානු ක්‍රීඩා උළෙල සඳහා අළුතින් දින සකස් කළ බවයි.
කොවිඩ් වසංගතය බලපෑමෙන් 19 වැනි ආසියානු ක්‍රීඩා උළෙල නිල වශයෙන් කල් දැමීම ප්‍රකාශ වූයේ පසුගිය මැයි 6 වැනිදාය. චීනය සත්කාරය දරන තෙවැනි ආසියානු ක්‍රීඩා උළෙල මෙයයි.
1990 දී චීනයේ ‘බෙයිජින්’ නුවරදී පැවැති පළමු ආසියානු ක්‍රීඩා උළෙල පවත්වා තිබේ. චීනයේ සත්කාරයෙන් පැවැති දෙවැනි ආසියානු ක්‍රීඩා උළෙල 2010 දී ‘ගුයැංෂු’ නගරයේදී පැවැත්වුණි.
2022 ආසියානු ක්‍රීඩා උළෙලට සූදානම් කෙරෙන සියළු ක්‍රීඩාංගණවල ඉදිකිරීම් හා පහසුකම් ස්ථාපිත කිරීම පසුගිය අප්‍රේල් මාසය වන විට අවසන් කිරීමට චීන තරග සංවිධායකයෝ සමත් වූහ.
ආසියානු ඔලිම්පික් සභාවේ සාමාජික රටවල් 45 ක් 2022 ක්‍රීඩා උළෙලට සහභාගි වේ. ඒ සඳහා ඇතුළත් වන ක්‍රීඩා ඉසව් ගණන ආසන්න වශයෙන් 42 කි. ඊට වසර 2014 ක්‍රීඩා උළෙලෙන් පසුව පළමු වතාවට ක්‍රිකට් විස්සයි-20 කාන්තා හා පිරිමි තරගාවලි දෙකක්ද ඇතුළත්ය. ඒ හැරෙන්නට පළමු වතාවට හඳුන්වා දෙන විද්‍යුත් ක්‍රීඩා (ඊයේ සවස) ඉසව්වද මෙවර ආසියානු ක්‍රීඩා උළෙලට ඇතුළත් කර තිබේ.
1950 (නවදිල්ලි) පළමු ආසියානු ක්‍රීඩා උළෙලේ සිට ශ්‍රී ලංකාව ඊට සහභාගි වේ. අවසන්වරට පැවති 2018 (ජකර්තා) ක්‍රීඩා උළෙල දක්වා ශ්‍රී ලංකාව රන් පදක්කම් හා රිදී පදක්කම් 11 බැගින් හා ලෝකඩ පදක්කම් 24ක් දිනා තිබේ.
මලල ක්‍රීඩා හා ක්‍රිකට් (විස්සයි-20) යන ක්‍රීඩා ඉසව් දෙකකින් ශ්‍රී ලංකාව රන් පදක්කම් මේ දක්වා හිමිකරගෙන තිබේ. ගොල්ෆ්, බොක්සිං, ටෙනිස්, සුළං ඔරු, පාපැදි හා කරාටේ යන ක්‍රීඩා ඉසව්වලින් සෙසු රිදී හා ලෝකඩ පදක්කම් හිමිකරගෙන තිබේ.
1982 (නවදිල්ලි), 1986 (සෝල්), 2010 ගුයැංෂු, 2018 (ජකර්තා) යන ක්‍රීඩා උළෙල හතරකදී ශ්‍රී ලංකාව කිසිදු පදක්කමක් දිනා ගැනීමට සමත්වී නැත.
වසර 2026 දී ජපානයේ ‘නගෝයා’ නුවරදිත්, වසර 2030 දී කටාරයේ ඩෝහා නගරයේදීත් හා 2034 සෞදි අරාබිය ‘රියාද්’ නගරයේදීත් එළඹෙන 20, 21 හා 22 එහි ආසියානු ක්‍රීඩා උළෙල පැවැත්වෙන සත්කාරක නගර දැනටමත් ප්‍රකාශ වී තිබේ.
වසර 2014 ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාව ක්‍රිකට්-විස්සයි-20 (පිරිමි) ඉසව්වේ රන් පදක්කම් දිනා ගැනීමට සමත්ව තිබේ. ඒ ළහිරු තිරිමාන්නගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් මහ තරගයේදී ඇෆ්ගනිස්ථානය ලකුණු 68 කින් පරාජය කරමිනි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.