Last Update  :  2025-03-19 11:05:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ආසියානු සත් සාමාජික රග්බි පළමු අදියරේ ජය හොංකොංට

ආසියානු සත් සාමාජික රග්බි පළමු අදියරේ ජය හොංකොංට

editorial - 2022 ඔක් මස 23 319 Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

ආසියානු රග්බි සම්මේලනය සංවිධානය කරන ආසියානු සත් සාමාජික රග්බි තරග මාලාවේ පළමු අදියරේ ශූරතාව දිනාගැනීමට හොං කොං රාජ්‍යය විය. මෙම අදියර ඊයේ (22 වැනිදා) සහ අද (23 වැනිදා) තායිලන්තයේ බැංකොක් නුවරදී පැවැත්විණ.

අවසන් මහ තරගයේදී ලකුණු 36-19 ක් ලෙස ජපානය පරාජය කරමින් හොං කොං ක්‍රීඩකයෝ ශූරතාවට හිමිකම් කීහ. එහිදී හොං කොං පිල ගෝල දිනුම් 3 ක් සහ උත්සාහක දිනුම් 3 ක් සමගද, ජපන් පිල ගෝල දිනුම් 2 ක් සහ උත්සාහක දිනුමක් සමගද ලකුණු ලබාගත්තේය.

අවසන් පූර්ව වටයේදී හොං කොං සහ ජපන් කණ්ඩායම් හමුවේ පරාජයට පත්වූ දකුණු කොරියානු සහ එක්සත් අරාබි එමීර් කණ්ඩායම් අතර තෙවැනි ස්ථානය වෙනුවෙන් පැවැති තරගය ලකුණු 31-00 ක් ලෙස ජයගනු ලැබුවේ දකුණු කොරියාව විසිනි.

පළමු අදියරේ කාන්තා ශූරතාව දිනාගැනීමට චීනය සමත් වූ අතර අවසන් මහ තරගයේදී ලකුණු 21-17 ක් ලෙස ජපානය පරාජය කරමින් ඔවුහු ඊට හිමිකම් කීවේය. චීන ක්‍රීඩිකාවෝ ගෝල දිනුම් 3 ක් සමගද, ජපන් ක්‍රීඩිකාවෝ ගෝල දිනුම් 2 ක් සහ උත්සාහක දිනුමක් සමගද එහිදී ලකුණු රැස්කළහ.

අවසන් පූර්ව වටයේදී ජපානය සහ චීනය හමුවේ පරාජය වීම හේතුවෙන් හොං කොං සහ තායිලන්ත කණ්ඩායම් වලට කාන්තා ඉසව්වේ තෙවැනි ස්ථානය වෙනුවෙන් තරග වැදීමට සිදුවිය. එහිදී ලකුණු 10-0 ක් ලෙස හොං හොං පිල පරාජය කළ තායිලන්ත ක්‍රීඩිකාවෝ තෙවැනි ස්ථානයට හිමිකම් කීහ.

දැනට පවතින ජාත්‍යන්තර තරග තහනම හේතුවෙන් ශ්‍රී ලංකා පිරිමි සහ කාන්ත කණ්ඩායම් වලට මෙම තරග මාලාවේ පළමු අදියර සඳහා සහභාගි වීමට නොහැකි විය. ඒ හේතුවෙන් පිරිමි සහ කාන්තා ඉසව්වේ දෙකේදීම ශ්‍රී ලංකාව සමග තරගවැදීමට නියමිතව සිටි කණ්ඩායම් වලට නිතරග ජයග්‍රහණ ලබාදීමට සංවිධායකයන් කටයුතු කර තිබිණ.

 


අදහස් (0)

ආසියානු සත් සාමාජික රග්බි පළමු අදියරේ ජය හොංකොංට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.