Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ආසියානු බාලිකා තරග අද සිට

ආසියානු බාලිකා තරග අද සිට

සංජය එරමුදුගොඩ - 2018 සැප් මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සත්කාරක ශ්‍රී ලංකාව ඇතුළුව රටවල් පහක් තරග වදින ආසියානු සමුළු වයස 16න් පහළ (බාලිකා) පාපන්දු තරගාවලිය අද (15) කොළඹ සී. ආර්. පිටියේදී ආරම්භ වේ. මෙම තරගාවලියේදී ශූරතාව හා අනුශූරතාව ලබන කණ්ඩායම් දෙක වසර 2019 තායිලන්තයේදී පැවැත්වෙන ආසියානු සමුළු වයස 16න් පහළ තරග අවසන් වටයට සුදුසුකම් ලබයි.

චීනය, ජෝර්දානය, උස්බෙකිස්ථානය හා ගුවාම් රාජ්‍යය තරගාවලියට සහභාගි වන සෙසු රටවල් වෙති.
පසුගිය මාස තුනකට ආසන්න කාලයක් පුරා පුහුණුවීම්වල නිරත වෙමින් පසුගිය අගෝස්තු 9 වැනිදා සිට 18 වැනිදා දක්වා තිම්පු නුවරදී පැවැති දකුණු ආසියානු (සාෆ්) වයස 15න් පහළ පාපන්දු (බාලිකා) තරගාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩිකාවන් දෙදෙනකු හැරෙන්නට සෙසු එහි සියලුම ක්‍රීඩිකාවෝ මෙම තරගාවලියට නිර්දේශිත ශ්‍රී ලංකා කණ්ඩායමට ඇතුළත්ව සිටිති.

ඒ. කේ. එම්. මොහොමඞ් අජ්වාඞ් මහතා මෙම තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධුරයේ කටයුතු කරයි.

වසර 2012 න් පසුව වයස 16න් පහළ ශ්‍රී ලංකා බාලිකා පාපන්දු කණ්ඩායමත් ආසියානු ශූරතා තරගාවලියට සහභාගී වන පළමු අවස්ථාව මෙය වේ. පසුගිය අගෝස්තු මාසයේ තිම්පු නුවරදී පැවති දකුණු ආසියානු තරග සංචාරයේදී ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය දුන් කුරුණෑගල කවිසිගමුව මහ විදුහලේ උත්පලා කවිඳි ජයකොඩි මෙම තරගාවලියේදී  ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දරයි.

තිම්පු නුවර පැවති දකුණු ආසියානු වයස 15 න් පහළ බාලිකා තරගාවලියේදී ඉන්දියාවට එරෙහිව ගෝල 12-0 කින් හා සත්කාරක භූතානයට එරෙහිව ගෝල 6-0 කින්ද මූලික වටයේදී පරාජයවීම නිසා ශ්‍රී ලංකාවට තරගාවලියෙන් ඉවත්වීමට සිදුවිය.


ශ්‍රී ලංකා වයස 16න් පහළ පාපන්දු (බාලිකා) කණ්ඩායම:
උත්පලා කවිඳි ජයකොඩි (නායිකා) කුරුණෑගල කවිසිගමුව ම.වි, සඳරුවනි බණ්ඩාර (උප නායිකා පොලොන්නරුව බන්ඩිවැව ම.වි) මලීකා ෂහානි, විනුතී ෂනෙල්කා (කොළඹ ගේට්වේ ජාත්‍යන්තර පාසල) ඒ.බී.එම්. කොනිසිකා, බී. ෂියන්තිනි, ආර්. තිරුෂාන්තිනි (යාපනය පන්ඩතිරිප්පු උසස් බාලිකා විදුහල) නිම්සරා කුමාරි, නෙත්මි ගුණරත්න (බිබිලේ ම.වි.) ජේ. ජෙතුන්සිකා, එස්. නවප්‍රියා, යූ. ජොනිකා (යාපනය මහජන විදුහල) කෂානි ජයකඩු, මින්තරා සේනාධීර, මධුභාෂිනි දිසානායක, ඩබ්.ඒ.එල්. වර්ෂධීර, මධුෂානි කුමාරි, සන්කලනි බණ්ඩාර (කුරුණෑගල මලියදේව බාලිකා විදුහල), අනුත්තරා කහටපිටිය (රන් පොකුණගම ම.වි) නිසංසලා කුමාරිහාමි (ගම්පොල ශාන්ත ජෝශප් විදුහල) සෙනුරි බණ්ඩාර (මහනුවර එස්.ඩී.ආර්.ඩී. බණ්ඩාරනායක ම.වි.) දසුනි හංසිකා (කිරිබත්ගොඩ විහාරමහා දේවි බාලිකා වි) රසුනි සත්වාදන (කෑගල්ල බාලිකා විදුහල)


තරගාවලියේදී ශ්‍රී ලංකාව තරග වදින ආකාරය

සැප්තැම්බර් 15 - ගුවාම් රාජ්‍යයට එරෙහිව
සැප්තැම්බර් 17 - ජෝර්දානයට එරෙහිව
සැප්තැම්බර් 19 - චීනයට එරෙහිව
සැප්තැම්බර් 21 - උස්බෙකිස්තානයට එරෙහිව

 


අදහස් (0)

ආසියානු බාලිකා තරග අද සිට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.