Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(පුෂ්පකුමාර ජයරත්න - කුරුණෑගල)
කුරුණෑගල මලියදේව සහ ශාන්ත ආනා දෙවිදුහල් අතර ඇතුගල්පුර සටන මහා ක්‍රිකට් තරගය 39 වැනි වරටත් හෙට (24) සහ අනිද්දා (25) කුරුණෑගල වෙලගෙදර ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
වසර 155 ක ඉතිහාසයක් සහිත ශාන්ත ආනා විදුහල මෙවර තරඟාවලියේ සත්කාරකත්වය දරයි.
පස්වන වසරේ වර්ණලාභී ක්‍රීඩකයෙකු වන කළිඳු විජේසිංහ ශාන්ත ආනා විදුහල් කණ්ඩායමේ නායකත්වය දරයි. දකුණතින් දක්ෂ පාදඟ පන්දු යවන්නෙකු වන ඔහු දක්ෂ දකුණත් පිතිකරුවකු ද වෙයි.
මලියදේව විදුහල් කණ්ඩායමේ නායකයා ලෙස පස්වන වසරේ වර්ණලාභී ක්‍රීඩකයෙකු වන අමේෂ් හෙට්ටිආරච්චි කටයුතු කරයි. කණ්ඩායමේ කඩුළු රකින්නාද වන අමේෂ් දක්ෂ වමත් පිතිකරුවෙකි.
ශාන්ත ආනා විදුහල් කණ්ඩායම
කළිඳු විජේසිංහ (නායක), මනාම් මුසම්මිල් (උප නායක), මහිම කොටුවිල, චමිත් සසෙන්ජන, යොමේෂ් සුබසිංහ, ආදිත්‍ය නිර්වාන්, කවිඳු බණ්ඩාර, බසීර් ෂකීල්, ගීතික ද සිල්වා, කෙවින් නානායක්කාර, යශ්මින් ජයසුන්දර, බුද්ධිම නන්දසිරි, තිසූල අබේසිංහ, දිලීප ගුණවර්ධන, චනියල් ඩිමූර්, සස්මිත ජයතුංග, ජනිත් මධුසංක, කුෂාන් සුබසිංහ, උදාර දිසානායක, වගීෂ රණසිංහ සහ නකීත ලොකුවැල්ල
චන්දන හපුආරච්චි සහෝදරතුමා (විදුහල්පති), නිහාල් සී. දිසානායක මහතා (ක්‍රිකට් භාර ආචාර්ය), රන්දීර රණසිංහ මහතා (පුහුණුකරු)
මලියදේව විදුහල් කණ්ඩායම
අමේෂ් හෙට්ටිආරච්චි (නායක), ගයාන් වීරසිංහ(උප නායක), ජයමින් මුතුකුමාරණ, චමත්කාර් හෙට්ටිආරච්චි, චාරුක හේරත්, තේමිය බණ්ඩාර, හර්ෂණ සිල්වා, පසිඳු මේනක, තවීෂ බාලසූරිය, අර්ජුන් සත්සර, මලිත් කුමාරතුංග, දමිත් අබේසිංහ, රුචිර වරාහේන, උෂාන් බිම්සර, පුන්සිත රොතේන්, විෂේන් සදෙව්, චන්දූප අබේසිංහ සහ ගිෂාන් ද සිල්වා
අජිත් පොන්නේවිල මහතා (විදුහල්පති), ජනක සෙනෙවිරත්න මහතා (ප්‍රධාන පුහුණුකරු) , ජාලිය මධුසංක මහතා (සහාය පුහුණුකරු), මහින්ද උඩුවැරැල්ල මහතා (ක්‍රිකට් භාර ආචාර්ය )
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.