Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායම ඩර්බන් ක්‍රීඩාංගණයේ ක්‍රීඩකයන්ගේ විවේකාගාරයේ පැවැත්වූ කෙටි සාදයේ විඩියේ පටය සමාජ මාධ්‍ය ජාලවලට මුදාහැරියේ යැයි කියන ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් පිලේ හිටපු පිතිකරු පුහුණුකරුවකුගේ කොන්ත්‍රාත් ගිවිසුම අවසන් කිරීමට බොහෝ දුරට ඉඩ ඇතැයි වාර්තා වේ.
මෙම සාදය කණ්ඩායමේ අභ්‍යාසකයකු ලෙස කටයුතු කරන විදේශීය ජාතිකයකු විඩියෝ ගත කර ඇතැයි පැවසෙන අතර පසුව ඔහු කණ්ඩායමේ ප්‍රධාන නිලධාරියකු-ට සහ හිටපු පිතිකරු පුහුණුකරුවකුට එය යොමුකර ඇති බව ද එහිදී දැනගන්නට ලැබේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කොන්ත්‍රාත් පදනම මත පුහුණුකරුවකු ලෙස කටයුතු කරන්නේ යැයි කියන මෙම හිටපු පිතිකරු පුහුණුකරු එය අන්තර්ජාලයට මුදාහැර ඇති බවට මේ වන විට කරුණු අනාවරණය වී ඇති බව වාර්තා වේ.
මෙම පුහුණුකරු ශ්‍රී ලංකා ටෙස්ට් පිල නියෝජනය කළ තාක්‍ෂණයෙන් හෙබි පිතිකරුවකු ලෙස පිළිගැනීමක් ලැබූ අයෙකි.
ශ්‍රී ලංකා පිලේ බලගතු නිලධාරියකුගේ මැදිහත්වීම මත ක්‍රීඩකයන් තුළින් මෙම කථා බහට ලක්වූ අනිසි හැසිරීම ප්‍රදර්ශනය වී ඇති බව ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරයි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.