Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ඇන්ඩි මරේට අසීරු අභියෝගයක්

ඇන්ඩි මරේට අසීරු අභියෝගයක්

editorial - 2021 අගෝ මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


හිටපු ලෝක ශූරයකු වන බ්‍රිතාන්‍ය ජාතික ඇන්ඩි මරේ, මෙවර ඇමරි‍කානු විවෘත ටෙනිස් තරගාවලියේ පළමු වටයේදී ග්‍රීක් ජාතික ස්ටෙෆානෝස් සිට්සිපාස්ට එරෙහිව තරග බිමට පිවිසීමට සූදානමින් සිටියි. 34 හැවිරිදි මරේ මේ වන විට ලෝක ටෙනිස් ශ්‍රේණිගතකිරීම්හි 114 වැනි ස්ථානයේ පසුවන අතර තවමත් 23 වැනි වියේ පසුවන සිට්සිපාස් ලෝක ශ්‍රේණිගත කිරීම් අතරේ 3 වැනි ස්ථානයේ රැදී සිටියි.

වසරේ අවසන් ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතාවලිය වන ඇමරි‍කානු විවෘත ටෙනිස් තරගාවලිය මේ මස 24 වැනිදා සිට සැප්තැම්බර් මස 12 වැනිදා දක්වා නිව්යෝර්ක් නුවරදී පැවැත්වේ. 24 වැනිදා සිට 27 වැනිදා දක්වා එහි සුදුසුකම් ලැබීමේ තරග පැවැත්වෙන අතර මූලික වටයේ තරග 30 වැනිදා ආරම්භ වේ. මූලික වට‍යේ 40 වැනි තරගයේදී සිට්සිපාස්ට එරෙහිව මරේ තරග වැදීමට නියමිතය.

ක‍ල‍වේ ආබාධයක් හේතුවෙන් ඉකුත් මාස‍යේදී පැවැති ටෝකියෝ ඔලිම්පික් උළෙලෙන් ඉවත් වීමෙන් පසු මරේ, කල්වේලා ඇතිවම ඇමරිකාවට පැමිණියේ වසරේ අවසන් ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතාවලියට හොඳ පෙර සූදානමක් ලබාගැනීමේ අරමුණෙනි. ඔලිම්පික් උළෙ‍ලට පෙර ජූලි මාසයේදී පැවැති විම්බල්ඩන් තරගාවලියටද සහභාගි වූ මරේ එහි තෙවැනි වටයේදී කැනඩාවේ ඩෙනිස් ශාපොවාලොව් හමුවේ පරාජයට පත් විය‍.

ඔලිම්පික් උළෙලේ පිරිමි යුගල තරග සඳහා සහභාගි වූ මරේ, ඉන් අනතුරුව ඇමරිකාවේ ඔහියෝහිදී පැවැති සින්සිනාටි ටෙනිස් ශූරතාවලියටද සහභාගි විය. එහි පිරිමි කේවල පළමු වටයේදී ප්‍රංශයේ රිචඩ් ගැස්කුවෙට් පරාජයට කිරීමට මරේ සමත් වුවද, දෙවැනි වටයේදී පෝලන්තයේ හියුබට් හර්කාස් හමුවේ පරාජයට වීම නිසා ඔහුට එම තරගාවලියෙන්ද ඉවත් වීමට සිදුවිය.

ඇමරිකානු විවෘත තරගාවලියේ පළමු වටයේදී මරේගේ ප්‍රතිවාදියා බවට පත්ව සිටින සිට්සිපාස්, ‍පළමු වරට ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතාවලියක අවසන් මහ තරගයකට පිවිසියේ මෙම වසරේ පැවැති ප්‍රංශ විවෘත තරගාවලියේදීය. කෙසේ වුවත් ඇමරිකානු විවෘත ශූරතාවලියකදී තෙවැනි වටයෙන් ඉහළට පැමිණීමට සිට්සිපාස් තවමත් සමත් වී නොමැත.  

-036

 


අදහස් (0)

ඇන්ඩි මරේට අසීරු අභියෝගයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.