Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ටෝකියෝ ඔලිම්පික් උළෙලේ පැසිපන්දු (පිරිමි) අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට ඇමරිකාව සහ ප්‍රංශය සමත් වූහ. රන් සහ රිදී පදක්කම් වෙනුවෙන් දෙරට අතර පැවැත්වෙන අවසන් මහ තරගය හෙට (7 වැනිදා) පැවැත්වීමට නියමිතය.
පළමු අවසන් පූර්ව තරගයේදී ඕස්ට්‍රේලියාවට එරෙහිව ලකුණු 97-78 ක ජයක් වාර්තා කරමින් ඇමරිකාව අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේය.
ප්‍රංශය අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේ දෙවැනි අවසන් පූර්ව තරගයේදී ස්ලෝවේනියාවට එරෙහිව ලකුණු 90-89 ක ජයක් වාර්තා කරමිනි.
අවසන් පූර්ව වටයේදී පරාජයට පත්වූ ඕස්ට්‍රේලියාව සහ ස්ලෝවේනියාව අතර එම ඉසව්වේ ලෝකඩ පදක්කම වෙනුවෙන් පැවැත්වෙන තරගයද අනිද්දා පැවැත්වෙනු ඇත.
අර්ධ අවසන් පූර්ව වටයේ තරග ප්‍රතිඵල
ඇමරිකාව විසින් ලකුණු 95-81 ක් ලෙස ස්පාඤ්ඤය පරාජය කරන ලදි.
ප්‍රංශය විසින් ලකුණු 84-75 ක් ලෙස ඉතාලිය පරාජය කිරන ලදි.
ඕස්ට්‍රේලියාව විසින් ලකුණු 97-59 ක් ලෙස ආර්ජන්ටිනාව පරාජය කරන ලදි.
ස්ලොවේනියාව විසින් ලකුණු 94-70 ක් ලෙස ජර්මනිය පරාජය කරන ලදි.
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.