Last Update  :  2025-03-17 11:57:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ඇවිදීම - මැරතන් - පාපැදි තරග ගම්පහදී

ඇවිදීම - මැරතන් - පාපැදි තරග ගම්පහදී

editorial - 2022 ඔක් මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

ගම්පහ ශ්‍රී බෝධි ක්‍රීඩාංගණය අසල දී ලබන සෙනසුරාදා හා ඉරිදා (8-9) පැවැත්වෙන 47 වැනි ජාතික මහ ක්‍රීඩා උළෙලේ මැරතන්, ඇවිදීම හා පාපැදි (රේසින්) තරග මාලාව සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 800 දෙනෙක් ඉදිරිපත්ව සිටිති.

මෙම තරගමාලාව සෙනසුරාදා (8) පෙරවරු 5.30ට ආරම්භ වීමට නියමිතය. ඒ සඳහා නෙස්ටමෝල්ට් සන්නාමය යටතේ අනුග්‍රහය දැක්වීමට නෙස්ලේ ලංකා සමාගම ඉදිරිපත්ව සිටියි.

මේ සම්බන්ධයෙන් ඊයේ (3) ක්‍රීඩා අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවේ දී අදහස් දැක්වූ ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ මහතා පැවසුවේ වසර දෙකක් තිස්සේ පැවැත්වීමට නොහැකි වූ ජාතික මහ ක්‍රීඩා උළෙල මෙම වසරේ දී පවත්වා අවසන් කිරීමට ක්‍රීඩා අමාත්‍යාංශය කටයුතු කරන බවයි.

‘‘වසරකට මෙම ක්‍රීඩා උළෙලට රුපියල් මිලියන 200ක් තරම් වැය කරපු අවස්ථා තිබෙනවා. නමුත් මෙදා ක්‍රීඩා උළෙලට මම ක්‍රීඩා අමාත්‍යාංශයෙන් රුපියල් මිලියන 20 කට වඩා වැය කරන්නේ නැහැ. උත්සව අවස්ථා හා බාහිර විශේෂාංග ක්‍රීඩා උළෙලෙන් ඉවත් කරලා අපි මෙම මුදල් ඉතිරි කරනවා.’’ ක්‍රීඩා ඇමැතිවරයා එහිදී වැඩිදුරටත් පැවසීය.

47 වැනි ක්‍රීඩා උළෙල ක්‍රීඩා ඉසව් 31කින් සමන්විතව මෙවර පැවැත්වීමට ක්‍රීඩා අමාත්‍යාංශය කටයුතු යොදා තිබේ.

 

47 වැනි ජාතික මහ ක්‍රීඩා උළෙලේ මැරතන්- ඇවිදීම- පාපැදි තරගමාලාව පැවැත්වෙන ආකාරය

ඔක්තෝබර් 8 - පෙරවරු 5.30ට මැරතන් කාන්තා හා පිරිමි ඉසව් ආරම්භය (සහාගීත්වය - ක්‍රීඩකයන් 150 - ක්‍රීඩිකාවන් 50)
ඔක්තෝබර් 8 - පෙරවරු 9.40 ට - පාපැදි රේසින් - කාන්තා තරගය ආරම්භය - දුර කිලෝමීටර් 60 – සහභාගීත්වය - ක්‍රීඩිකාවන් 100)
ඔක්තෝබර් 9 - පෙරවරු 5.45 – ඇවිදීම - කාන්තා හා පිරිමි ඉසව් (සහභාගීත්වය - ක්‍රීඩකයන් 125, ක්‍රීඩිකාවන් 50)
ඔක්තෝබර් 9 - පෙරවරු 9.40ට - පාපැදි (රේසින්) පිරිමි තරගය ආරම්භය - දුර කිලෝමීටර් 140 – සහභාගීත්වය - ක්‍රීඩකයන් 400)


අදහස් (0)

ඇවිදීම - මැරතන් - පාපැදි තරග ගම්පහදී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.