Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
තරගයේ අවසන් මොහොතේ ක්‍රියාත්මක වූ ස්පාඤ්ඤයේ ලැගෝ ඇස්පාස් ජයග්‍රාහී ගෝලය වාර්තා කරමින් ටියුනීසියාවට එරෙහිව පැවැති ලෝක කුසලාන පුහුණු තරගය ගෝල 1-0 ලෙස ස්පාඤ්ඤය ජයලැබීය. මෙම තරගය රුසියාවේ ක්‍රැස්නොඩාර් ක්‍රීඩාංගණයේදී ඊයේ (9 වැනිදා) පැවැත්විණ.
කණ්ඩායම් දෙකම මෙවර ලෝක කුසලාන පාපන්දු තරගාවලිය නියෝජනය කිරීමට අවස්ථාව උදා කරගෙන සිටියි.
ස්පාඤ්ඤය මෙවර ‘බී ’ කාණ්ඩයෙන් තරගාවලියට එක්වෙද්දී, ටියුනීසියාව ‘ජී ’ කාණ්ඩයෙන් පළමු වටයේ තරග වැදීමට නියමිතය.
පෘතුගාලයට එරෙහිව ජුනි 15 දින පැවැති තරගයෙන් තරගාවලියට අවතීර්ණ වන ස්පාඤ්ඤය ජුනි 20 වැනිදා කසාන් ඇරෙනා ක්‍රීඩාංගණයේදී ඉරානය සමගින් තරගවදියි. ‘බී’ කාණ්ඩයේ පළමු වටයේ අවසන් තරගය ජුනි 25 වැනිදා ස්පාඤ්ඤය සහ මොරොක්කෝව සමගින් පැවැත්වේ.
ටියුනීසියාව මෙවර බෙල්ජියම, පැනමාව සහ එංගලන්තය සමගින් පළමු වටයේදී තරග වදිනු ලැබේ. එංගලන්තයට එරෙහිව ජුනි 18 වැනිදාත්, ප්‍රබල කණ්ඩායමක් වන බෙල්ජියම සමග ජුනි 23 වැනිදාත් තරග වැදීමට නියමිතය.
ටියුනීසියාවේ පළමු වටයේ අවසන් තරගය ජුනි 28 වැනිදා පැනමාවට එරෙහිව පැවැත්වෙයි.
- 024
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.