Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ඇෆ්ඝනිස්තානු - පාකිස්තානු තරගාවලියට හම්බන්තොට සූදානම්

ඇෆ්ඝනිස්තානු - පාකිස්තානු තරගාවලියට හම්බන්තොට සූදානම්

editorial - 2021 අගෝ මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කලින් පොරොන්දු වූ පරිදිම ඇෆ්ඝනිස්ථානය සහ පාකිස්ථානය අතර විස්සයි20 තරගාවලියක් ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට අවශ්‍ය පහසුකම් සැලසීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සූදානමින් සිටින බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතා පවසයි.

තලේබාන් සංවිධානය විසින් පසුගිය ඉරිදා (15 වැනිදා) ඇෆ්ඝනිස්තානයේ බලය අල්ලා ගැනීමෙන් පසුව සැප්තැම්බර් 1 දා ආරම්භවීමට නියමිත තරග 3 කින් සමන්විත විස්සයි20 තරගාවලිය පැවැත්වේද නැද්ද පිළිබඳව සහතික කිරීමට කිසිදු නිලධාරියෙකුට නොහැකිවී ඇත. ඔක්තෝම්බර් මාසයේදී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වෙන විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට ඇෆ්ගනිස්ථාන කණ්ඩායම ක්‍රීඩා කිරීමට නියමිතව ඇති නමුත් දැන් එයද සැක සහිත වී තිබේ.

විස්සයි-20 ලෝක කුසලන තරගාවලියේදී ඇෆ්ඝනිස්තානය දෙවැනි කාණ්ඩයෙන් ක්‍රීඩා කරයි.

ඉන්දියාව,පාකිස්තානය සහ නවසීලන්තය දෙවැනි කාණ්ඩයට ඇතුළත් සෙසු කණ්ඩායම් වෙති.

ඇෆ්ඝනිස්තානය ටෙස්ට් වරම් හිමි රටක් ද වෙයි. 1996 සිට 2001 දක්වා ඇෆ්ගනිස්ථානය රජය විසින් ක්‍රීඩාවට ඉඩ ලබාදීම හේතුවෙන් තලේබාන් සංවිධානය දැඩි කෝපයෙන් පසුවිය.
දඟ පන්දු යවන ක්‍රීඩක සහ විස්සයි20 නායක රෂීඞ් ඛාන් සහ තුන් ඉරියව් ක්‍රීඩක මොහොමඞ් නබි මේ වන විට එංගලන්තයේ පැවැත්වෙන ‘ද හන්ඩ්‍රඞ්’ තරඟාවලිට සහභාගිවී සිටිති. තලේබාන් සංවිධානය විසින් ඇෆ්ගනිස්ථානයේ බලය පවරා ගැනීමට පෙර ඔවුන් දෙදෙනාම තම රටේ සාමය ඇති කරන ලෙස ලෝක ප්‍රජාවගෙන් ඉල්ලා සිටියහ.

කෙසේ වෙතත් ඇෆ්ඝනිස්ථාන ජාතික කණ්ඩායමේ තවත් බොහෝ ක්‍රීඩකයෝ මේ වන විටත් ඇෆ්ඝනිස්ථානයේ සිටිති.

“ඔවුන් කොහේ සිටිනවාද යන්න පරීක්ෂා කිරීමට අප උත්සාහ දරමින් සිටිනවා” යැයි අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ නිලධාරියෙක් පැවසීය.

ඇෆ්ගනිස්ථානය සහ පාකිස්ථානය අතර පැවැත්වීමට නියමිත තරඟ තුන සඳහා හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රිකට් ක්‍රීඩාංගණය සූදානම් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය බලාපොරොත්තුවෙන් සිටී. පාකිස්තානය සහ ඇෆ්ඝනිස්ථානය අතර තරගාවලිය ඩුබායි හි පැවැත්වීමට නියමිතව තිබූ නමුත් සැප්තැම්බර් මාසයේදී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ආරම්භ වන ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය සමඟ ගැටෙන බැවින් මෙම තරගාවලිය ශ්‍රී ලංකාව වෙත මාරු කෙරුණි.

“අපි ඔවුන්ට කිව්වා තරඟාවලියේ සත්කාරකත්වය දීමට අපි සූදානම්. මේ වනවිට සියලු කටයුතු සූදානම් වෙමින් පවතිනවා”

“නමුත්, කාබුල්හි වර්තමාන තත්ත්වය අනුව, ඔවුන්ට ඉදිරියට යා හැකිදැයි අපි දන්නේ නෑ. අපි ඔවුන්ගෙන් ප්‍රතිචාරයක් බලාපොරොත්තුවෙන් සිටිනවා” යයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා මහතා ප්‍රංශ පුවත් සේවයට පවසා තිබේ.

නිරෝධායන කටයුතු හේතුවෙන් සැප්තැම්බර් මාසයේදී තරඟ ආරම්භ කිරීමට නම් කණ්ඩායම් දෙකම ලබන සතියේදී ශ්‍රී ලංකාවේ සිටිය යුතු බව මොහාන් ද සිල්වා මහතා වැඩි දුරටත් පැවසීය.

මොහොමඞ් නබී සහ නායක රෂීඞ් ඛාන් එංගලන්තයේදී පැවැත්වෙන ද හන්ඩ්‍රඞ් තරගාවලියට සහභාගි වෙමින් සිටින අතර එම තරගවලිය අවසන් වන්නේ මේ මස 21 වැනිදාය. පාකිස්තානු කණ්ඩායම මේ වන විට බටහිර ඉන්දිය කොදෙව් හි ටෙස්ට් තරගාවලියකට සහභාගි වන අතර එම තරගාවලිය අවසන් වන්නේ මේ මස 24 වැනිදාය.

ඇෆ්ඝනිස්තාන ජාතික කණ්ඩායම පසුගිය 7 වැනිදා ඇෆ්ඝනිස්තාන ක්‍රිකට් මණ්ඩලයේ ඉහළ නිලධාරීන් හමුවූ අතර එහිදී පාකිස්ථානයට එරෙහිව හොඳින් දස්කම් දක්වන්නන් සඳහා වටිනා තෑගී පිරිනෑමීමට බලාපොරොත්තු වන බවද ඇෆ්ගනිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩල වෙබ් අඩවියේ සඳහන් වේ.

ජාතික කණ්ඩායමේ වේග පන්දු යැවීමේ පුහුණුකරු ලෙස හිටපු ඕස්ටේ්‍රලියානු වේග පන්දු යවන ක්‍රීඩක ෂෝන් ටේට් මහතා පත් කළ බව ඇෆ්ඝනිස්තාන ක්‍රිකට් මණ්ඩලය පසුගියදා පැවසීය.


- 2079

 


අදහස් (0)

ඇෆ්ඝනිස්තානු - පාකිස්තානු තරගාවලියට හම්බන්තොට සූදානම්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.