Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(නාමල් පතිරගේ)
ඉතාලියේ ප්‍රකට පාපන්දු පුහුණු ව්ද්‍යාතනයක් වන ඒ.සී.මිලාන් පාපන්දු ඇකඩමිය මෙහෙයවන පාපන්දු (කනිෂ්ඨ) පුහුණු වැඩ මුළු තුනක් කොළඹ, යාපනය හා ගාල්ල යන නගරවලදී පැවැත්වේ.
වයස පහේ සිට 17 විය දක්වා පසු වන බාලක හා බාලිකාවන්ට මෙම පාපන්දු පුහුණු වැඩ මුළු සදහා සහභාගි විය හැකිය.කොළඹ මලල ක්‍රීඩා හා පාපන්දු ක්‍රීඩා සමාජ ඇකඩමිය ශ්‍රී ලංකාවේ මෙම පාපන්දු වැඩ සටහන් මාලාව සම්බන්ධ්කරණය කරයි.
කොළඹ වැඩමුළුව ඊයේ (31) ආරම්භ වූ අතර එය පෙබරවාරී 5 වැනිදා දක්වා කොළඹ සිටි ලීග් පිටියේදී පැවැත්වේ.මෙම පාපන්දු වැඩ මුළු මෙහෙයවීම සදහා ඒ. සී.මිලාන් පාපන්දු පුහුණු ඇකඩමියේ පුහුණුකරු ඩේවිඩ් බැටිස්ටිනී මහතා දිවයිනට පැමිණි සිටියි.
වසර125 ක ඉතිහාසයකට උරුම කියන මිලාන් පාපන්දු ඇකඩමිය සිය ගෝලීය පාපන්දු පුහුණු වැඩ මුළු මාලාව යටතේ ශ්‍රී ලංකාවේ වැඩසටහන දියත් කරයි.යුරෝපයේ හා උතුරු ඇමරිකානූ රටවල නගර 23 ක මේ වන විට ඔවුන් මෙම පාපන්දු කනිෂ්ඨ වැඩ මුළු මාලාව දියත් කර තිබේ.
කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ශ්‍රී ලංකාවේ හා මාලදිවයිනේ ඉතාලි තානාපති ඩමියානෝ ෆ්‍රැන්කොවිග් මහතා පැවැසුවේ ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාවේ දිරි ගැන්වීමට ඉතාලියේ සාර්ථකම පාපන්දු ක්‍රිඩා සමාජයක් හවුල්වූ මෙම අවස්ථාව දෙරටේ මිත්‍රත්වය ශක්තිමත් කර ගැනීමටද අවස්ථාවක් වනු ඇති බවයි.
ශ්‍රී ලංකාවේ ප්‍රකට පාපන්දු පුහුණුකරුවන් පිරිසකගේ දායකත්වයද මේ සදහා යොදා ගැනේ.ශ්‍රී ලංකාවට දායකත්වය ලබා දෙන ඉතාලියේ මිලාන් ක්‍රීඩා සමාජය එරට මෙන්ම යුරෝපයේත් ධනවත්ම හා සාර්ථකම පාපන්දු ක්‍රීඩා සමාජයක් වන අතර එහි ආරම්භය 1899 වසර දක්වා ඈතට දිවේ. වැඩිම දේශීය හා යුරෝපයේ පාපන්දු ශූරතා දිනා ගත් ක්‍රීඩා සමාජයක් ලෙසත් ඔවුන් වාර්තාවක් පිහිටුවා තිබේ.
කොළඹ මලල ක්‍රීඩා හා පාපන්දු ක්‍රීඩා සමාජයේ සභාපති අජායි වීර් සිං මහතා මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින්..එහි අධ්‍යක්ෂ ෆවුසුල් හමීඩ්, ශ්‍රී ලංකා හා මාලදිවයිනේ ඉතාලි තානාපති ඩමියානෝ ෆ්‍රැන්කොවිග්, ඒ.සී. මිලාන් පුහුණුකරු ඩේවිඩ් බැට්ස්ටිනී යන මහත්වරුද මෙහි වෙති.
මෙම අවස්ථාවට ෆ්‍රීමා සමූහයට අයත් සිලෝන් ඇග්‍රෝ ඉන්ඩස්ට්‍රීස් ආයතනයේ සාමාන්‍යාධිකාරී සජිත් ගුණරත්න, කොළඹ මලල ක්‍රීඩා හා පාපන්දු ක්‍රීඩා සමාජයේ අධ්‍යක්ෂ ට්‍රෙවෝ රෙකර්මන්, පවර් ටෙක් සිමෙන්ති කළමනාකාර අධ්‍යක්ෂ ගෞරව් මෙහතා, සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ සාමාන්‍යාධිකාරී කමල් මුණසිංහ යන මහත්වරුද සහභාගි වූහ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.