Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ඉන්දියාවේ අභාග්‍යයක තරම

ඉන්දියාවේ අභාග්‍යයක තරම

editorial - 2021 ජුනි මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

ලෝක කුසලානයක් දිනන්නට පුදුම පිනක් තියෙන්නට ඕනෑය.

ශ්‍රී ලංකාව වුණත් 1996 ලෝක කුසලාන දිනාගත්තේ ජය පෙනි පෙනී තිබුණු අවසන් තරග කිහිපයකදීම ලද පරාජයෙන් පසුවය. 1988 ආසියානු කුසලාන අවසන් මහ තරගයේ සිටම 1995 බෙන්සන් ඇන්ඩ් හෙජස් කුසලාන තරගාවලියේ අවසන් තරග 3 දක්වාම ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් තරග කිහිපයකදීම පරාජය වි තිබිණ. වෙනස වූයේ ඒ කාලයේදී අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ තරගාවලි පැවැතියේ වසර 4 කට වරක් වීම පමණි.

ශ්‍රී ලංකා කණ්ඩායම වසර 2014 දී විස්සයි-20 ලෝක කුසලාන දිනාගත්තේ ලෝක කුසලාන අවසන් මහ තරග 4 කදී එක දිගට (2007 සිට 2012 දක්වා) පරාජය වීමෙන් පසුවය.

නවසීලන්ත කණ්ඩායමද ටෙස්ට් ලෝක ශූරතාවලිය දිනාගත්තේ 2015 ලෝක කුසලාන අවසන් මහ තරගයේදීත්, 2019 ලෝක කුසලාන අවසන් මහ තරගයේදීත් පරාජය වීමෙන් පසුවය.

ඉන්දියාව දැන් මුහුණ දෙමින් සිටින්නේද එම යථාර්තයටයි. ඉන්දීය පිලේ අසහාය නායකයා වූ මහේන්ද්‍ර සිං දෝනි 2007 දී ආරම්භ කළ ජයග්‍රාහී රැල්ල 2013 ශූරයන්ගේ කුසලාන තරගාවලියෙන් නිමා වූයේ අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ කුසලාන තුනක් දිනාගත් එකම නායකයා දෝනි බව ක්‍රිකට් ඉතිහාස පොතට එක් කරමිනි.

එතැන් සිට ඉන්දීය කණ්ඩායම අවසන් පුර්ව තරඟ 3ක් සහ අවසන් මහා තරඟ 3ක් පරාජය වී තිබේ.

තීරණාත්මක තරග වලදී ඉන්දීය පිලේ පරාජයන් වාර්තා වන්නේ පහත පරිදිය.

  • 2014 විස්සයි 20 ලෝක කුසලාන අවසන් මහා තරඟයේදී ශ්‍රී ලංකාව හමුවේ පරාජය වීම
  • 2015 එක්දින ලෝක කුසලාන අවසන් පූර්ව තරගයේදී ඕස්ට්‍රේලියාව හමුවේ පරාජය වීම
  • 2016  විස්සයි 20 ලෝක කුසලාන අවසන් පූර්ව තරගයේදී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හමුවේ පරාජය වීම.
  • 2017 ශූරයන්ගේ කුසලාන අවසන් මහා තරඟයේදී පාකිස්තානය හමුවේ පරාජය වීම
  • 2019 එක්දින ලෝක කුසලාන අවසන් පූර්ව තරගයේදී නවසීලන්තය හමුවේ පරාජය වීම
  • 2021 - ටෙස්ට් ලෝක ශූරතාවලියේ අවසන් මහා තරගයේදී නවසීලන්තය හමුවේ පරාජය වීම.

 


අදහස් (0)

ඉන්දියාවේ අභාග්‍යයක තරම

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.