Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඕස්ට්‍රේලියාවට එරෙහිව මෙල්බර්න්හිදී පැවැති දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් කඩුලු 8 ක ජයක් වාර්තා කළ ඉන්දියාව, දෙරට අතර පැවැත්වෙන තරග 3 කින් සමන්විත ටෙස්ට් තරගාවලිය 1-1 ක් ලෙස සම තත්වයට පත්කිරීටමට ඊයේ (29 වැනිදා) සමත් විය. පළමු ඉනිමේදී ශතකයක් ලබාගත් ඉන්දීය කණ්ඩායමේ තාවකාලික නායක අජින්ක්‍යා රහනේ තරගයේ වීරයා ලෙස සම්මාන ලැබීය.
ජයග්‍රහණය සඳහා ලකුණු 70 ක පහසු ඉලක්කයක් හඹාගිය ඉන්දීය ක්‍රීඩකයෝ කඩුලු 2 ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගියහ.
අාරම්භක පිතිකරු ශුබ්මන් ගිල් හතරේ පහර 7 ක් සමග නොදැවී ලකුණු 35 ක්ද, නායක අජින්ක්‍යා රහනේ හතරේ පහර 3 ක් සමග ලකුණු 27 ක් රැස්කරමින් සිය කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කළහ. ඉන්දීය දෙවැනි ඉනිමේදී මායන්ක් අගර්වාල් ලකුණු 5 කටත්, චෙතේෂ්වර් පුජාරා ලකුණු 3 කටත් දැවී ගියහ.
තෙවැනි දිනය වූ පෙරේදා (28 වැනිදා) තරගය නතර කරන විට කඩුලු 6 ක් දැවී ලකුණු 133 ක් ලබා සිටි ඕස්ට්‍රේලියානු කණ්ඩායමට, ඊයේ දිනයේදී සිය දෙවැනි ඉනිම සඳහා එක්කරගත හැකි වූයේ තවත් ලකුණු 67 ක් පමණි. දිනයේ පළමු කඩුල්ල ලෙස පැට් කමින්ස් ලකුණු 22 කට දැවී ගියේ ජස්ප්‍රීට් බුම්රාගේ පන්දුවක් හමුවේ මායන්ක් අගර්වාල් අතට උඩ පන්දුවක් දෙමිනි.
ඉන් අනතුරුව ක්‍රියාත්මක වූ මොහොමඩ් සිරාජ්, ඕස්ට්‍රේලියානු දෙවැනි ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ කැමරන් ග්‍රීන් ලකුණු 45 කටත්, නේදන් ලයන් ලකුණු 3 කටත් පිටියෙන් ඉවත් කිරීමට සමත් විය. රවිචන්ද්‍රන් අෂ්වින්ගේ පන්දුවක් කඩුල්ලේ වැදීමෙන් ජොෂ් හෙසල්ඩුල් ලකුණු 10 කට දැවී යෑමත් සමග ඕස්ට්‍රේලියානු ඉනිම නිමාවට පත් විය.
ඕස්ට්‍රේලියානු පළමු ඉනිම - සියලු දෙනා දැවී 195
(මැතිව් වේඩ් 30, මානස් ලැබුෂේන් 48, ට්‍රැවීස් හෙඩ් 38, නේදන් ලයන් 20, ජස්ප්‍රීට් බුම්රා 56/4, රවිචන්ද්‍රන් අශ්වින් 35/3, මොහොමඩ් සිරාජ් 40/2
ඉන්දීය පළමු ඉනිම - සියලු දෙනා දැවී 326
(ශුබ්මන් ගිල් 45, චෙතේෂ්වර් පුජාරා 17, අජින්ක්‍යා රහනේ 112, හනුමා විහාරි 21, රිෂාබ් පාන්ට් 29, රවින්ද්‍ර ජදේජා 57, නේදන් ලයන් 72/3, මිචෙල් ස්ටාක් 78/3, පැට් කමින්ස් 80/2)
ඕස්ට්‍රේලියානු දෙවැනි ඉනිම - සියලු දෙනා දැවී 200
(මැතිව් වේඩ් 40, මානස් ලැබුෂේන් 28, ට්‍රැවීස් හෙඩ් 17, කැමරන් ග්‍රීන් 45, පැට් කමින්ස් 22, මොහොමඩ් සිරාජ් 37/3, රවින්ද්‍ර ජදේජා 28/2, ජස්ප්‍රීට් බුම්රා 54/2, රවිචන්ද්‍රන් අෂ්වින් 71/2)
ඉන්දීය දෙවැනි ඉනිම - කඩුලු 2 ක් දැවී 70
(ශුබ්මන් ගිල් නොදැවී 35, අජින්ක්‍යා රහනේ නොදැවී 27)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.