Last Update  :  2025-04-22 20:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ඉන්දීය ක්‍රීඩිකාවෝ කඩුල්ල පනිති

ඉන්දීය ක්‍රීඩිකාවෝ කඩුල්ල පනිති

editorial - 2020 අප්‍රේ මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පාකිස්තානයට එරෙහිව පැවැත්වීමට තිබූ තරගාවලියක් අවලංගු කර ලකුණු බෙදා දෙන බව ජාත්‍යන්තර ක්‍රිකට් සභාව ප්‍රකාශ කිරීමෙන් පසුව ලබන වසරේදී පැවැත්වෙන කාන්තා එක්දින ලෝක කුසලාන තරගාවලිය සඳහා ඉන්දියාව සුදුසුකම් ලබා තිබේ.

කාශ්මීර කලාපය සම්බන්ධයෙන් අසල්වාසීන් අතර පවතින මතභේද උත්සන්න වීමත් සමඟ පාකිස්තානු කාන්තා ක්‍රිකට් කණ්ඩායමට සත්කාරකත්වය සැපයීම සඳහා රජයේ අවසරය ලබා ගත නොහැකි බව ඉන්දියාවේ ක්‍රිකට් පාලක මණ්ඩලය ප්‍රකාශ කර තිබේ. එබැවින් අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ කාන්තා ශූරතාවලියේ කොටසක් වන මෙම තරගාවලිය පැවැත්විය නොහැකි වී තිබේ.

තරගාවලිය අතහැර දැමීමට සිදුවීමෙන් අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් කණ්ඩායම් දෙකටම ප්‍රසාද ලකුණු 3 බැගින් ප්‍රදානය කර තිබේ. කොරෝනා වසංගතය හේතුවෙන් අවසන් වටයේ තරග දෙකක් අවලංගු කරන ලදි. ඒ අනුව දකුණු අප්‍රිකාව සහ ඕස්ටේ්‍රලියාවද, ශ්‍රී ලංකාව සහ නවසීලන්තයද ලකුණු 6 ක් බෙදා ගත්හ.

මෙම තීරණයෙන් කියැවෙන්නේ ලබන වසරේදී ඕවර 50 තරගාවලිය සඳහා සත්කාරක නවසීලන්තය සමඟ ඕස්ටේ්‍රලියාව (37), එංගලන්තය (29) සහ දකුණු අප්‍රිකාව (25) පසුපසින් ලකුණු 23 ක් ලබා ගනිමින් ඉන්දියාවද සුදුසුකම් ලබා සිටින බවයි.

පාකිස්තානයට එරෙහි ද්විපාර්ශ්වික තරගාවලියට සහභාගී වීමට පාකිස්තානු ක්‍රිකට් කණ්ඩායමට සිය රටට පැමිණීමට රජයේ අවසර ලබා ගැනීමට නොහැකි බව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය දැනුම්දී තිබේ. 2012-13 තරගවාරයේදී පාකිස්තාන ක්‍රීඩකයින් එක්දින තරගාවලියක් ඉන්දියාවට පැමිණි නමුත් එතැන් පටන් දෙපිල අතර ද්විපාර්ශ්වික තරගාවලියක් පවත්වා නැත.

කාශ්මීරය පිළිබඳ දශක ගණනාවක් තිස්සේ පැවති ආරවුල උච්ච අවස්ථාවකට එළඹීමත් සමඟ ඉන්දියාව විසින් පාකිස්තානයට යන සියලුම ක්‍රීඩා කණ්ඩායම් නවතා දමා ඇති අතර ඔවුන් මුණගැසී ඇත්තේ පසුගිය වසරේ එංගලන්තයේ පැවති ඕවර 50 පිරිමි ලෝක කුසලානය වැනි ප්‍රධාන ජාත්‍යන්තර තරඟවලදී පමණි.

ඉන්දියාවට වඩා ලකුණු 4 ක් පසුපසින් සිටින පාකිස්තානය, ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබාගන්නා ඉතිරි ස්ථාන තුනෙන් එකක් සඳහා සටන් කරනු ඇත.

මුල් කාළ සටහනට අනුව ජූලි 3-19 දක්වා කණ්ඩායම් 10 ක සහභාගීත්වයෙන් සුදුසුකම් ලබාගැනීමේ තරගාවලිය ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිතව තිබුණද, කොරෝනා වසංගතය හේතුවෙන් එය කල්දැමිමට සිදුවිය හැකිය. 


අදහස් (0)

ඉන්දීය ක්‍රීඩිකාවෝ කඩුල්ල පනිති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.