Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
සීමිත ඕවර තරගාවලියක් සඳහා ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම ලබන මාසයේදී දිවයිනට පැමිණෙයි. ඒබ ව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන විධායක කමිටුව ස්ථිර කර තිබේ. ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවේදී එක්දින තරග 3 කට සහ විස්සයි20 තරග 3 කට සහභාගි වනු ඇත.
ඉන්දීය කණ්ඩායම ජූනි මස 18 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණෙනු ඇත.
තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය 2025 දී පැවැත්වෙන කාන්තා ලෝක කුසලාන තරගාවලියට කෙලින්ම සුදුසුකම් ලබාගැනීමේ අයි.සී.සී කාන්තා ශූරතාවලියට අයත් වේ.
අවසන් වරට ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායමක් 2018 වසරේදී ශ්‍රී ලංකාවේ සංචාරය කර ඇති අතර එහිදී එක්දින තරගාවලිය 2-1 ක් ලෙස ජය ගැනීමට ඔව්හු සමත්වූහ. විස්සයි20 තරගාවලියද 4-0 ක් ලෙස ඔවුන් ජයගත් අතර දෙවැනි තරගය වර්ෂාව හේතුවෙන් විසඳුමකින් තොරව අවසන් විය.
ජුලී සහ අගෝස්තු මාස වලදී එංගලන්තයේ පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට පෙර ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහභාගීවන අවසන් විස්සයි20 තරගාවලිය මෙය වේ.
දෙරට අතර එක්දින තරගාවලිය ජුනි 23 වැනිදා ඇරඹෙන අතර විස්සයි20 තරගාවලිය ජූලි 3 වැනිදා ඇරඹේ.
- 2079
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.