Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(නාමල් පතිරගේ)
මෙරට පළමු ප්රධානතම (ප්රිමියර්) ලීග් අන්තර් සමාජ හොකී (පිරිමි) හොකී තරගාවලියේ මෙතෙක් මුහුණදුන් තරග සියල්ලම ජය ගනිමින් ප්රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට යුද හමුදා ක්රීඩා සමාජය සමත්ව සිටියි.
තරගාවලියේ පස් වැනි සතිය ගෙවී යන අතර තරග පහක් ජය ගැනීම තුළ ප්රසාද ලකුණු 15 ක් සටහන් කර ගැනීමට යුද හමුදා ක්රීඩා සමාජය එහිදී සමත් විය.
පොලිස් ක්රීඩා සමාජයට සහ ගුවන් හමුදා ක්රීඩා සමාජයට ඒ වන විට සම දෙවැනි ස්ථානය හිමිව තිබුණි. ඒ සම ප්රසාද ලකුණු 13 බැගින් සටහන් කර ගනිමිනි.
ශ්රී ලංකා හොකී සම්මේලනයේ අධීක්ෂණයෙන් 'මීළග පරම්පරාවේ හොකී සංවර්ධන දැක්ම සංවිධානය ( නෙක්ස්ට් ජෙනරේශන් හොකී ඩිවලප්මන්ට් සොසයිටි) විසින් මෙහෙයවන මෙම ප්රීමියර් ලීග් තරගාවලියට දිවයිනේ ප්රබල හොකී ක්රීඩා සමාජ 08 ක් සහභාගි කර ගෙන තිබේ.ඒ සදහා එක්ව සිටින කණ්ඩායම් සදහා විදේශීය ක්රීඩකයෝ පිරිසක්ද එක්ව සිටිති.
ආසන්නයේදීම පැවැති තරග අතරින් දක්නට ලැබුණු තියුණුම තරගය පොලිස් ක්රීඩා සමාජය සහ ගුවන් හමුදා ක්රීඩා සමාජය අතර පැවැත්විණි. ආරම්භයේ සිට අවසානය දක්වාම ඉතා තියුණු මුහුණුවරක් ගත් මෙම තරගය ගෝල් 02 - 02 කට සම වෙමින් අවසන් විය. එහිදී පොලිස් ක්රීඩා සමාජය වෙනුවෙන් පකිස්තානු ජාතික ක්රීඩකයන් තිදෙනකු ද ගුවන් හමුදා සමාජය වෙනුවෙන් ඉන්දියානු ජාතික ක්රීඩකයන් දෙදෙනකු ද ක්රීඩා කිරීම තරගයේ එම උණුසුම තීව්ර කිරීමට හේතුව විය.
එහිදී පොලිස් පිල වෙනුවෙන් ඉන්දීය ක්රීඩකයන් වන මනන් සහ මෝෂීන් ගෝලය බැගින් වාර්තා කළහ.ගුවන් හමුදා පිල වෙනුවෙන් ළහිරු වීරසූරිය සහ ලක්ෂාන් සදරුවන් ගෝල ලැබූහ.
එහිදී දැවැන්තම ජයග්රහණය සනාථ කර ගැනීමට යුද හමුදා සමාජය සමත් වූයේ ප්රතිවාදී සී.එච්. ඇන්ඩ් එෆ්. සී. පිල ගෝල් 10 - 03 ක් ලෙස පරාජය කරමිනි.
බී.ආර්.සී පිල හමුවේ ගෝල 03 - 02 ක් ලෙස පසු බසින්නට සිදුවූ සී.ආර්.සහ එෆ්. සී. ක්රීඩා සමාජය මෙවර තරගාවලියට අවතීර්ණ වෙමින් මුහුණ දුන් තරග සියල්ලම පරාජයට පත්වීම කැපී පෙණුනි.මීට ඉහතදී පැවැති තරගයකදී ඔවුන් පොලිස් ක්රීඩා සමාජයට ගෝල 10 - 01 කින්ද, නාවික හමුදා ක්රීඩා සමාජය වෙතින් ගෝල 11 - 0 කින්ද, සී. ආර්. සහ එෆ්. සී.ක්රීඩා සමාජය වෙතින් ගෝල 12 - 2 ක් ලෙසත් දරුණු පරාජයන් කීපයකටම මුහුණ දෙමින් මෙම පසුබෑම ලබා සිටියි.
ඉහත පැවැති මූලික වටයේ තවත් තරග කීපයකදී ගුවන් හමුදා ක්රීඩා සමාජය හමුවේ බී.ආර්.සී. කණ්ඩායම ගෝල 9 - 2 කින්ද හා සී එච්.කණ්ඩායම ගෝල 8 - 0 කින්ද පරාජයට පත් විය.
මෙම තරගාවලිය රීඩ් මාවත කෘතීම හොකී පිටියේ මෑතදී ඇතිරූ නව (කෘතීම) තණ තීරුවේදී පැවැත්වේ.එහි අවසන් පූර්ව වටය නොවැම්බර් 7 වැනිදාත් අවසන් මහ තරගය නොවැම්බර් 10 වැනිදාත් පැවැත්වීමට නියමිතය.
මූලික වටයේ වැඩිම ප්රසාද ලකුණු ලබන කණ්ඩායම් හතර අවසන් පූර්ව වටයේදී නැවැත ලීග් තරග වටයකට යොමු කරමින් අවසන් මහ තරගය හා තෙවැනි ස්ථානය තේරීමේ තරගය සදහා ඔවුන් නිර්දේශ කෙරේ.
මෙම තරගාවලියේ විශේෂත්වය වන්නේ හොකී සම්මේලනයෙන් බැහැර සංවිධානයක් ව්සින් පළමු වතාවට ප්රධාන පෙළේ හොකී තරගාවලියක් සංවිධානය කිරීමයි.එහිදී ක්රීඩා කරන අවස්ථාවේදී එක් කණ්ඩායමකට අවම විදේශීය ක්රීඩකයන් තිදෙනකු ඇතුළත් කර ගත හැකිය.
කෙසේවූවත් පාකිස්තානු වත්මන් ජාතික හොකී (පිරිමි) කණ්ඩායමේ ක්රීඩකයන් කීපදෙනෙකුත් පොලිස් හා ආදි සේනානායක යන ක්රීඩා සමාජ කණ්ඩායම් වල ක්රීඩා කරයි. ඔවුහූ මෙම ශ්රී ලංකා තරගාවලියට ලබා දෙන සහයෝගයක් ලෙස ගෙවීම් ලබා නොගනිමින් ඊට සහභාගිවී සිටිති.ඒ අතර පාකිස්තානු ජාතික හොකී පිලේ වත්මන් ප්රබළතම ක්රීඩකයකු වන අමීඩ් ඩට්ත් ආදි සේනානායක කණ්ඩායමට ක්රීඩා කරයි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.