Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
බොක්සිං ක්‍රීඩක ඉන්දික පෙරේරා ඉකුත් සැප්තැම්බර් මාසයේදී පැවැති ක්ලිෆඞ් කුසලාන තරගාවලියේ අවසන් දිනය තුළ තහනම් උත්තේජන ලබාගෙන ඇතැයි ශ්‍රී ලංකා මත්ද්‍රව්‍ය විරෝධී ආයතනය තහවුරු කරයි. එම තරගාවලියේ කිලෝග්‍රෑම් 52 බර පංතියේ රන් පදක්කම දිනාගනු ලැබුවේද ඉන්දික විසිනි.
තරගාවලියේ අවසන් දිනය වූ සැප්තැම්බර් මස 29 වැනිදා ලබාගත් ඉන්දිකගේ මුත්‍රා නියැදි මත්ද්‍රව්‍ය සංඝටක පරීක්‍ෂාව සඳහා ඉන්දියාවේ ජාතික විද්‍යාගාරයට යවනු ලැබ තිබේ. ඔහුගේ මුත්‍රා සාම්පලයේ ‘බොල්ඩෙනෝන්’ නැමැති තහනම් උත්තේජකය අන්තර්ගත වී ඇතැයි මත්ද්‍රව්‍ය සංඝටක පරීක්‍ෂාව සඳහා වන ඉන්දියාවේ ජාතික විද්‍යාගාරය විසින් තහවුරු කරනු ලැබ ඇත.
ඔහුගේ මුත්‍ර නියැදියේ ‘බී’ පරීක්ෂණය සඳහා ඉන්දියාවේ ජාතික විද්‍යාගාරය හමුවේ පෙනී සිටිනවාද නැද්ද යන්න පිළිබඳ ඉන්දික ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය විරෝධී ඒජන්සිය හමුවේ කරුණු දැක්විය යුතුව තිබේ. ඒ සම්බන්ධයෙන් පැවැත්වෙන සියලු පරීක්ෂණ නිමාවට පත්වන තෙක් ඔහුට තාවකාලික තරග තහනමක් පැනවීමටද ශ්‍රී ලංකා මත්ද්‍රව්‍ය විරෝධී ආයතනය පියවර ගෙන තිබේ.
මාස් ස්ලිම්ලයින් ක්‍රීඩා සමාජයේ ක්‍රීඩකයකු වන ඉන්දිකගේ පුහුණුකරු ලෙස කටයුතු කරන්නේ 2010 වසරේ පැවැති පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ රන් පදක්කම් ලාභී බොක්සිං ක්‍රීඩක මංජු වන්නිආරච්චි මහතාය. එම රන් පදක්කම දිනාගැනීමෙන් අනතුරුව වන්නිආරච්චි මහතා ‘නැන්ඩ්‍රලෝන්’ නැමැති තහනම් උත්තේජනය ලබාගෙන ඇති බවට හෙළි වූ අතර ඒ වෙනුවෙන් ඔහුට වසර 2 ක තහනමකට මුහුණුදීමටද සිදුවිය.
එම සිදුවීමෙන් අනතුරුව බොක්සිං ක්‍රීඩකයන්ට තහනම් උත්තේජන ලබා ගැනීම සඳහා පොළඹවන, දිරිගන්වන හෝ සහාය දක්වන ඕනෑම පුහුණුකරුවකුට, නිලධාරීයකුට හෝ ක්‍රීඩකයකුට ජීවිතාන්තය දක්වා තහනමක් පැණවීමට ශ්‍රී ලංකා ආධුනික බොක්සිං සංගමය දැඩි තීරණයකට පැමිණියේය.
ඉන්දික පෙරේරා ක්ලිෆඞ් කුසලාන තරගාවලියේ කිලෝග්‍රෑම් 52 බර පංතියේ රන් පදක්කම දිනාගත් අවස්ථාව...
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.