Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ඉන්දිකගේ පොදුරාජ්‍ය මණ්ඩල පදක්කම උසස් වෙයි

ඉන්දිකගේ පොදුරාජ්‍ය මණ්ඩල පදක්කම උසස් වෙයි

ශනුක අරවින්ද - 2014 මාර් මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පසුගිය නොවැම්බර් මස මැලේසියාවේදී පැවැති පොදුරාජ්‍ය මණ්ඩලීය බර ඉසිලීමේ තරගාවලියේදී කි.ග‍්‍රෑ 62 බර පංතිය නියෝජනය කරමින් ලෝකඩ පදක්කම දිනා ගත්  ශ‍්‍රී ලංකාවේ ඉන්දික දිසානායකට දෙවැනි ස්ථානය සහ රිදී පදක්කම හිමිවූ බව පොදුරාජ්‍ය මණ්ඩලීය බර ඉසිලීමේ තරග කමිටුව විසින් ශ‍්‍රී ලංකා බර ඉසිලිමේ සංගමයට දන්වා එවා තිබේ.

එම තරගයේ ප‍්‍රථම ස්ථානය දිනා ගත් මැලේසියානු ක‍්‍රීඩකයා තහනම් උත්තේජක ගත් බව තීරණය විම නිසා ඉන්දිකට දෙවැනි ස්ථානය හිමිවූ අතර දෙවැනි ස්ථානයේ සිටි සැමෝවා දේශයේ ක‍්‍රීඩකයාට රන් පදක්කම හිමි විය. සිව්වැනි ස්ථානයේ සිටි ඉන්දියානු ක‍්‍රීඩකයාට ලෝකඩ පදක්කම හිමිවිය. සංශෝධනයට ලක්වූ මෙම පදක්කම් පැළදවීම ලබන ජුනි මස ස්කොට්ලන්තයේදී පැවැත්වීමට නියමිතය.

අදාළ තරග ඉසව්වේදී ඉන්දික දිසානායක කි.ග‍්‍රෑ. 62 බර පංතියේ ස්නෑච් හා ජර්ක් ක‍්‍රමයට බර ඉසිලිමෙන් මෙම දක්‍ෂතාව දක්වා තිබුණි. ශ‍්‍රී ලංකාවේ පැවැති 40 වැනි ජාතික බර ඉසිලීමේ තරගයේදීද කි.ග‍්‍රෑ. 62 බර පංතිය නියෝජනය කරමින් දක්‍ෂතම කී‍්‍රඩකයා වශයෙන්ද ඉන්දික සම්මාන ලැබීය.

 


අදහස් (0)

ඉන්දිකගේ පොදුරාජ්‍ය මණ්ඩල පදක්කම උසස් වෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.