Last Update  :  2025-04-21 20:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ඉර්ෆාන් පතන් මහනුවර පිලට

ඉර්ෆාන් පතන් මහනුවර පිලට

editorial - 2020 නොවැ මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ලන්කන් ප්‍රිමියර් ලීග් තරගාවලියට සහභාගීවන මහනුවර ටස්කර්ස් කණ්ඩායම සමගින් තමන් එක්වන බව ඉන්දියාවේ හිටපු තුන් ඉරියව් ක්‍රීඩක ඉර්ෆාන් පතන් පවසයි.

මහනුවර නගරය පදනම් කරගත් මෙම කණ්ඩායමේ දේශීය සුවිශේෂී ක්‍රීඩකයා ලෙස නම්කර ඇති කුසල් පෙරේරා, ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ කුසල් මෙන්ඩිස්, වේගපන්දු යවන ක්‍රීඩක නුවන් ප්‍රදීප් සහ එංගලන්ත කණ්ඩායමේ දකුණතින් වේග පන්දු යවන ක්‍රීඩක ලයම් ප්ලන්කට් යන ක්‍රීඩකයෝ ඇතුළත් වෙති. බටහිර ඉන්දීය කොදෙව්හී ජේෂ්ඨ ක්‍රීඩක මෙන්ම ලෝකෙට ලොක්කා යන අන්වර්ථ නාමයෙන් හදුන්වන ක්‍රිස් ගේල්ද මහනුවර ටස්කර්ස්පිලට එක්වීමට සූදානමින් සිටි නමුත් ඔහු කණ්ඩායමට එක්වීමට නම් ඩොලර් ලක්ෂයක මුදලක් ඉල්ලා ඇතැයි වාර්තා වේ.

මහනුවර ටස්කර්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස හිටපු ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ නායක හෂාන් තිලකරත්න මහතා කටයුතු කරයි.

ටෙස්ට් තරග 29 ක්, එක්දින තරග 120 ක් සහ විස්සයි20 තරග 24 කට ක්‍රීඩා කර ඇති ඉර්ෆාන් පතාන් මේ වසර මුලදී සියලුම ආකාරයේ අන්තර්ජාතික ක්‍රිකට් තරග වලින් සමුගන්නා බව පැවසීය. අන්තර්ජාතික තරග වලින් සමුගත්තද 36 හැවිරිදි ඔහු ලෝකය පුරා පැවැත්වෙන විස්සයි20 තරගාවලියන් සඳහා එක්වීමේ බලාපොරොත්තුවෙන් සිටින බව පැවසීය.

“එල්.පී.එල් තරගාවලියේදී මහනුවර කණ්ඩායම සමගින් එක්වීමට ලැබීම ගැන මම අතිශයින් සතුටට පත්වෙනවා. කණ්ඩායමේ සිත් ඇදගන්නා සුළු නම් කිහිපයක්ම තියෙනවා. අතර මගේ අත්දැකීම් සමගින් ඔවුන් එක්ක ඉදිරියට යෑමට බලාපොරොත්තු වෙනවා” යැයි පතන් පැවසීය.

ඉර්ෆාන් කණ්ඩායමට ඇතුළත් කරගත්තේ ඔහුගේ ප්‍රවේගකාරී පිතිහරඹය නිසා පමණක් නොවන අතර ඔහුගේ අත්දැකීම් කණ්ඩායමට විශාල සම්පතක් නිසා බව මහනුවර ටස්කර්ස් කණ්ඩායමේ හිමිකරු සොහේල් ඛාන් මහතා පැවසීය.

සෞඛ්‍ය බලධාරීන්ගේ නියෝග හේතුවෙන් දිගින් දිගටම ඇදී ගිය එල්.පී.එල්. තරගාවලිය පැවැත්වීමට සෞඛ්‍ය බලධාරීහු අද (4 වැනිදා) සවස අනුමැතිය දුන්හ.

- 2079


අදහස් (0)

ඉර්ෆාන් පතන් මහනුවර පිලට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.