Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඉසිපතන විද්‍යාලය සහ ශා. ජෝශප් විද්‍යාලය අතර පැවැති අන්තර් පාසල් වයස 19න් පහළ ලීග් ක‍්‍රිකට් තරගාවලියේ I වැනි කොටසේ තරගය ජය පරාජයෙන් තොරව ඊයේ (15 වැනිදා) අවසන් විය.
තරගය ශා. ජෝශප් විද්‍යාලයීය ක‍්‍රීඩාංගණයේදී පැවැත්විණ. කාසියේ වාසිය දිනා මුලින්ම පන්දුවට පහරදුන් ඉසිපතන විද්‍යාල පිතිකරුවන් ලකුණු 167 කට සියලූ දෙනාම දැවී ගියහ.
පිළිතුරු ඉනිම ක‍්‍රීඩා කළ ශා. ජෝශප් විද්‍යාලයීය පිතිකරුවන්ද ලකුණු අතරට නොපැමිණි අතර සියලූ දෙනාම දැවී ලබා ගැනීමට හැකිවුයේ ලකුණු 103 ක් පමණී. ලකුණු 29 කට කඩුලූ 5 ක් බිද දැමීමට චමීර දිසානායක සමත්විය.
දිනය නිමාවන විට කඩුලූ 8 කට ලකුණු 158 රැස්කර ගැනීමට ඉසිපතන පිතිකරුවෝ සමත්වුහ. ප‍්‍රමෝද් මදුවන්ත අර්ධ ශතකයක් ලබා ගනිමින් සාර්ථක පිතිහරඹයක් පෙන්වීය.
ඉසිපතන විදුහල පළමු ඉනිම ඕවර 73.2 කදී සියලූ දෙනාම දැවී 167
(ප‍්‍රමෝද් මදුවන්ත 34, කමින්ද පෙරේරා 24, ටොරී තබෘ 23, ටි‍්‍රෂාන් තනුජ 25/2, ප‍්‍රියමාල් පෙරේරා 32/2)
ශා. ජෝශප් විදුහල පළමු ඉනිම ඕවර 45 කදී සියලූ දෙනාම දැවී 103
(ප‍්‍රියමාල් පෙරේරා 25, පැතුම් මදුශංක 23, චමීර දිසානායක 29/5, දුශාන් නිර්මාණ 11/2, කමින්ද පෙරේරා 12/2)
ඉසිපතන විදුහල දෙවන ඉනිම ඕවර 65 කදී කඩුලූ 8 ක් දැවී 158
(ප‍්‍රමෝද් මදුවන්ත 52, සචින් ජයසූරිය 21, ප‍්‍රියමාල් පෙරේරා 39/2, යශාන් සමරසිංහ 11/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.