Last Update  :  2025-04-21 11:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ඉසිපතනයට පළමු ඉනිමේ ජය

ඉසිපතනයට පළමු ඉනිමේ ජය

දිලිනි මල්රුක්ෂි - 2013 ඔක් මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 19න් පහළ ලීග් ක‍්‍රිකට් තරගාවලියේ I කොටසේ ඉසිපතන විද්‍යාලය සහ කඳාන ද මැසනඞ් විද්‍යාලය අතර බී. ආර්. සී ක‍්‍රීඩාංගණයේදී පැවැති තරගය ජයපරාජයෙන් තොරව අවසන් විය.

මුලින්ම පන්දුවට පහරදුන්ද මැසනඞ් විද්‍යාලයීය පිතිකරුවන්ගේ දුර්වලතාවන්  හේතුවෙන් ලකුණු 114 කට දවා ගැනීමට ඉසිපතන පන්දු යවන්නන් සමත්වු අතර චමීර දිසානායක ලකුණු 21 කට කඩුලූ 6 ක් දවා ගනිමින් ඉසිපතන විද්‍යාලය වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වුහ.
පිළිතුරු ඉනිම ඇරඹූ ඉසිපතන පිතිකරුවන්ටද සාර්ථක වීමට ඉඩ නොදුන් මැසනඞ් පන්දු යවන්නන් ලකුණු 135 කටසියලූ දෙනාම දවා ගත්තද පළමු ඉනිමේ පරාජයෙන් ගැලවීමට ඔවුනට නොහැකි විය.

දිනය අවසාන වනවිට මැසනඞ් විද්‍යාලය කඩුලූ 7 ක් දැවී ලකුණු 139 රැුස් කරගෙන සිටි අතර ශාලූක දීමන්ත නොදැවී ලකුණු 52 ක් රැුස්කර ගැනීමට සමත්විය.

ද මැසනඞ් විදුහල පළමු ඉනිම  ඕවර 48.1 කදී සියලූ දෙනාම දැවී 114
(කාවින්ද මනම්පේරී 36, මල්ෂාන් ප‍්‍රනාන්දු 19, චමීර දිසානායක 21/6, දුශාන් නිර්මාණ 5/2, ටොරී තබී‍්‍රව් 25/2)

ඉසිපතන විදුහල පළමු ඉනිම  ඕවර 67.2 කදී සියලූ දෙනාම දැවී 135
(කමින්ද පෙරේරා 37, දුශාන් නිර්මාණ 19, සලින්ද උෂාන් 18, ශාලූක දීමන්ත 34/4, රුකෂාන් ප‍්‍රනාන්දු 34/4)

ද මැසනඞ්  විදුහල දෙවන ඉනිම  ඕවර 43 කදී කඩුලූ 7 ක් දැවී 139
(ශාලූක දීමන්ත නොදැවී 52, නිරංග පීීරීස් 25, ළහිරු වික‍්‍රමසිංහ 23, කමින්ද පෙරේරා 24/3)


අදහස් (0)

ඉසිපතනයට පළමු ඉනිමේ ජය

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.