Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ඊජිප්තු - උරුගුවේ තරගය අද

ඊජිප්තු - උරුගුවේ තරගය අද

සංජය එරමුදුගොඩ - 2018 ජුනි මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ 2වන තරගය වන ඊජිප්තුව සහ උරුගුවේ කණ්ඩායම් අතර තරගය අද (15 වැනිදා) ශ්‍රී ලංකා වේලාවෙන් ප.ව 5.30 ට ආරම්භ වීමට නියමිතය. රුසියාවේ එකටෙරින්බර්ග් ඇරෙනා ක්‍රීඩාංගණයේදී  ‘ඒ ’ කාණ්ඩයේ පළමු වටයේ තරගයක් ලෙස මෙය පැවැත්වේ.

වර්තමාන ලෝක පාපන්දු කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්හි 14 වන ස්ථානයේ පසුවන උරුගුවේ කණ්ඩායම 1930 සහ 1950 යන වර්ෂයන්හී ලෝක ශූරයන් බවට පත්විය. ඊජිප්තු කණ්ඩායම පළමු වරට ලෝක කුසලාන තරගාවලියකට සහභාගි වනුයේ 1934දීය. 1934න් පසු ඊජිප්තුවට නැවතත් ලෝක කුසලාන තරගාවලියකට සහභාගී වූයේ 1990දීය. වසර 28කට පසු නැවතත් ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීමට  ඊජිප්තුවට මෙවර හැකියාව ලැබිණ.

ඩිගෝ ගෝඩින් මෙවර උරුගුවේ කණ්ඩායමට නායකත්වය දරන අතර ඊජිප්තු කණ්ඩායමේ නායකයා ලෙස එසාම් එල් හැදරි ක්‍රීඩා කරයි.

උරුගුවේ සංචිතය :
ෆර්නෑන්ඩෝ මුස්ලෙරා, ගුල්ලෙර්මෝ වරිලා, ජොස් මාරියා ගිමෙනෙස්, ඩීගෝ ගොඩින්, මාටින් කැසිරිස්, නහිටාන් නැන්ඩිස්, මාටියාස් වෙසිනෝ, රොඩි්‍රගෝ බෙන්ටැන්සර්, ජියෝජියන් ද ඇරෙස්කේට, එඩිසන් කැවානි, ලූස් සුයාරිස්

ඊජිප්තු සංචිතය :
මොහොමඞ් එල් ශෙනාවේ, අලි ගාර්, අහමඞ් හෙගාසි, අයමඞ් ෆාති, මොහොමඞ් අබ්දිල් ශෆි, ටරික් හමීඞ්, මොහොමඞ් එල් නෙනි, මොහොමඞ් ටේ‍රසිගේට්, අබ්දුල්ලා සයිද්, රාමදාන් සොබී, මාවන් මොසේන්

- 024


අදහස් (0)

ඊජිප්තු - උරුගුවේ තරගය අද

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.