Last Update  :  2025-03-12 12:08:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ඊවා කුසලාන කාන්තා - පිරිමි ඉසව් හතක්

ඊවා කුසලාන කාන්තා - පිරිමි ඉසව් හතක්

editorial - 2024 දෙසැ මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

බස්නාහිර පළාත් දැල්පන්දු සංගමය 30 වැනි වරටත් සංවිධානය කරන ඊවා කුසලාන සමස්ත ලංකා දැල්පන්දු  (නෙට්බෝල්) තරග මාලාව (2024) මෙවරත් කාන්තා හා පිරිමි ඉසව් හතකින් පැවැත්වීමට සැලසුම් කර තිබේ.

එය ලබන ජනවාරි 11 - 12 යන දෙදින කොළඹ කොම්පඤ්ඤවීදිය ගුවන් හමුදා ක්‍රීඩාංගණයේදී  පැවැත්වීමට නියමිතය.එළඹෙන ජනවාරි 6 වැනිදා දක්වා එහිදී කණ්ඩායම් වෙත තරග අයැදුම්පත් ඉදිරිපත් කිරීමේ අවස්ථාව හිමිව තිබේ.ප්‍රාදේශීය දැල්පන්දු සංගමයක් අඛණ්ඩව සමස්ත ලංකා දැල්පන්දු තරගාවලියක් වසර 30 කට ආසන්න කාලයක් පුරා පවත්වා ගෙන යාමට සමත්ව සිටීම කැපී පෙනේ.

පිරිමි ඉසව් කීපයක්ද මෙම දැල්පන්දු තරගමාලාවට මෙවරත් ඇතුළත් කර තිබේ.තරග ලේකම් නිමාලිකා තුෂාන්‍ති මහත්මිය දුරකථන අංක 0761717286 හෝ බස්නාහිර පළාත් දැල්පන්දු සංගමයේ  ලේකම් රියෝ රම්ලාන්  මහත්මිය දුරකථන අංක 0777216150 ඔස්සේ ඇමැතීමෙන් තරගමාලාව සම්බන්ධයෙන් වැඩි තොරතුරු ලබා ගත් හැකිය.

ඒ සදහා දිවයිනේ ඕනෑම පාසල් හෝ ක්‍රීඩා සමාජ, ආයතන හා වෙනත් සංවිධාන වෙතින් කණ්ඩායම් ඉදිරිපත් කිරීමේ අවස්ථාව හිමිව ඇතැයි තරග සංවිධායකයෝ පවසති.

ඊවා සනීපාරක්ෂක තුවා සන්නාමය යටතේ මෙවරත් අනුග්‍රහය දක්වන අයි.සී.එල් බ්‍රෑන්ඩ්ස් පෞද්ගලික ආයතනය වෙනුවෙන් එහි ප්‍රධාන විධායක නිලධාරී රොනී වාකෝ මහතා කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී පැවැසුවේ කාන්තාවන් සදහා විශේෂයෙන් හඳුන්වාදී තිබෙන කණ්ඩායම් හැඟීමෙන් ඉහළම ක්‍රීඩාවක් වන දැල්පන්දු ක්‍රීඩාව සදහා වසර 30 ක් පුරා අඛණ්ඩව අනුග්‍රහය දැක්වීමට හැකිවීම පිළිබදව සිය ආයතනය වඩාත් සතුටු කන බවයි.

මේ අතර තරග සංවිධායකයන් පවසන්නේ අධ්‍යාපන අමාත්‍යාංශයේ අනුමැතිය ලැබී තිබෙන මෙම තරගාවලිය සදහා ඉදිරිපත් වන පාසල් කණ්ඩායම් තරග ගාස්තුවෙන් නිදහස් කර ඇති බවයි. මෙම අවස්ථාවට ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනයේ හිටපු ලේකම්වරියක් වන ශ්‍යාමා කුරේ මහත්මිය ඇතුළු පිරිසක් සහභාගි වූහ. 

 

තරගමාලාවට ඇතුළත් ඉසව්

*ඒ කාණ්ඩය (විවෘත කාන්තා හා පිරිමි)

* බී කාණ්ඩය (කාන්තා)

*ප්‍රවීණයන්ගේ කාණ්ඩය (වයස 40 ට වැඩි කාන්තා)

* කනිෂ්ඨ (පාසල්) කාණ්ඩය (වයස 17න් පහළ  - 17 න් පහළ - 19 න් පහළ)


අදහස් (0)

ඊවා කුසලාන කාන්තා - පිරිමි ඉසව් හතක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.