Last Update  :  2025-01-15 20:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news උෂාන්ගෙන් විශිෂ්ට පන්දු යැවීමක්

උෂාන්ගෙන් විශිෂ්ට පන්දු යැවීමක්

රොෂාන් ගුණරත්න - 2020 පෙබ මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

උෂාන් දීමන්තගේ (52/7) විශිෂ්ට පන්දු යැවීම හමුවේ පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලය සහ හොරණ තක්‍ෂිලා මධ්‍ය මහා විද්‍යාලය අතර මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේදී අද (27 වැනිදා) ආරම්භවූ 19 වැනි ‘සල්පිටි රයිගම් කෝරළ සටන’ වාර්ෂික මහ ක්‍රිකට් තරගයේ පළමු දිනයේදී තක්‍ෂිලා මධ්‍ය මහා විද්‍යාලීය පළමු ඉනිම ලකුණු 164 කට සීමා විය.

එරංග ජයකොඩි (55) අර්ධ ශතකයක් ලබාගනිමින් තක්‍ෂිලා මධ්‍ය මහා විද්‍යාලය වෙනුවෙන් පිත්තෙන් දස්කම් දැක්වූ අතර සසංක අදීප ලකුණු 27 ක් ද ගිහාන් මධුභාෂ සහ දේෂාන් දිල්මින් ලකුණු 21 බැගින් ලබාගැනීමට එහිදී සමත්වූහ.

වමතින් දඟපන්දු යවන උෂාන් දීමන්ත ඕවර 21.1 කදී නිලකුණු ඕවර 4 ක් සමගින් ලකුණු 52 කට කඩුලු 7 ක් දවාගනිමින් තක්‍ෂිලා මධ්‍ය මහා විද්‍යාලීය පළමු ඉනිම අඩපන කර දැමීමට සමත්විය. සිතුම් නිම්ලක සහ සඳුන් සත්සර එක් කඩුල්ලක් බැගින් දවාගනිමින් උෂාන් දීමන්තට අනගි සහයක් ලබාදුන්නේය.        

ඊයේ තරගය අවසන් කරනවිට පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලය පළමු ඉනිමට කඩුලු 2 ක් දැවී ලකුණු 43 ක් රැස්කර සිටියේය. අෂේන් රොද්‍රිගූ නොදැවී ලකුණු 19 ක් ලබාසිටි අතර අනෙක් අන්තයේ පන්දුවට පහරදෙමින් සිටි සිතුම් නිම්ලක ලකුණු ලබාගැනීම ආරම්භකර නොතිබුණේය.

පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලීය ඉනිමේ මුල් පෙළ පිතිකරුවන්වූ හේසර දිල්කිත් ලකුණු 12 කට සහ ජමිත් දිල්ෂාන් ලකුණු 05 කට දවාගැනීමට සසංක අදීප සහ සෙනෙත් වින්විනු සමත්වූහ.

කාසියේ වාසිය දිනූ පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලීය කණ්ඩායම් නායක චමෝද් සඳරු පළමුව පන්දුවට පහරදීමට සඳහා හොරණ තක්‍ෂිලා මධ්‍ය මහා විද්‍යාලීය කණ්ඩායමට ආරාධනා කර සිටියේය.

හෙට (28 වැනිදා) තරගයේ දෙවැනි සහ අවසන් දිනයයි.

 

තක්‍ෂිලා ම.ම විද්‍යාලීය පළමු ඉනිම - ඕවර 71.1 කදී සියලුදෙනා දැවී 164
(එරංග ජයකොඩි 55, සසංක අදීප 27, ගිහාන් මධුභාෂ 21, දේෂාන් දිල්මින් 21, උෂාන් දීමන්ත 52/7)

පිළියන්දල ම.ම විද්‍යාලීය පළමු ඉනිම - ඕවර 16 කදී කඩුලු 2 ක් දැවී 43
(අෂේන් රොද්‍රිගූ නොදැවී 19)

 


අදහස් (0)

උෂාන්ගෙන් විශිෂ්ට පන්දු යැවීමක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.