Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(නාමල් පතිරගේ)
උසස් දක්ෂතා ප්‍රවර්ධන වැඩසටහන සඳහා සිය සැළසුම් ඉදිරිපත් කරන ලෙස ක්‍රීඩා අමාත්‍යාංශය කළ දැනුම්දීමකට ජාතික ක්‍රීඩා සංගම් 60කින් ප්‍රතිචාර දක්වා ඇත්තේ අතළොස්සක් පමණක් බව වාර්තාවේ. ජාතික ක්‍රීඩා සංගම් 45ක් පමණ සැළසුම් ඉදිරිපත් නොකරමින් කර ඇර සිටීම කනගාටුවට කරුණක් බව ජාතික ක්‍රීඩා සභාවේ සභාපති අර්ජුන රණතුංග මහතා පවසයි.
මෙම වැඩසටහනේ අරමුණ වන්නේ වැඩසටහන් සඳහා ජාතික ක්‍රීඩා සංගම් දායක කර ගනිමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් හඳුනා ගැනීම හා ඔවුන් වෙනුවෙන් යටිතල පහසුකම් නැංවීමය.
මේ යටතේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 178 දෙනෙකු සඳහා පුහුණුවීම් ප්‍රවර්ධන වැඩ සටහන් සූදානම් කර ඇතැයි ද අර්ජුන රණතුංග මහතා පැවසුවේ කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.
2024 දී පැරිසියේ පැවැත්වෙන ඔලිම්පික් උළෙල ඇතුළු ශ්‍රී ලංකාව සහභාගිවීමට නියමිත (2026) පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙළ ඇතුළු අන්තර් ජාතික ක්‍රීඩා තරග මාලා රැසක් ඉලක්ක කර ගනිමින් උසස් දක්ෂතා ප්‍රවර්ධන වැඩසටහන ක්‍රියාත්මක වන බව ක්‍රීඩා අමාත්‍යාංශය පවසයි. ඒ සඳහා නිර්දේශ ලබා දෙන්නේ ජාතික ක්‍රීඩා සභාව විසිනි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.