Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
එංගලන්තය සහ ස්කොට්ලන්තය අතර ඇබර්ඞීන්හිදී ඊයේ (9 වැනිදා) පැවති එක්දින ජාත්‍යන්තර තරගයෙන් ඩක්වත් ලූවිස් ක‍්‍රමයට ලකුණු 39 ක ජයක් වාර්තා කිරීමට එංගලන්ත පිල සමත්විය. එක්දින අන්තර්ජාතික තරගයක් වුවද වර්ෂාවෙන් බාධා ඇතිවූ හෙයින් තරගය ඕවර 20 කට සීමා විය.
එංගලන්ත පිල ඕවර 20 කදී ලබාගත්තේ ලකුණු 167 ක් පමණි. එහෙත් දෙවැනි වතාවටත් තරගයට බාධා පැමිණීම නිසා ඩක්වර්ත් ලූවිස් න්‍යාය අනුව ජයග‍්‍රහණය සඳහා ලකුණු 173 ක ඉලක්කයක් හඹාගිය ස්කොට්ලන්ත පිලට ඕවර 20 අවසානයේ කඩුලූ 9 ක් දැවී ලබාගත හැකිවූයේ ලකුණු 133 ක් පමණී.
පන්දු 16 කදී හයේ පහර 5 ක් සහ හතරේ පහර 2 ක් සමගින් ලකුණු වේගවත් 42 ක් රැස්කළ මිචෙල් ලීස්ක් තරගයේ වීරයා ලෙස සම්මාන ලැබීය.
එංගලන්තය - ඕවර 20 කදී කඩුලූ 6 කට 167
(ඇලිස්ටෙයාර් කුක් 44, ඉයන් බෙල් 50, ඔයින් මෝගන් 31, ජෝ රූට් 17, ජොෂ් ඬේවි 28/3, රොබ් ටේලර් 36/2)
ස්කොට්ලන්තය - ඕවර 20 කදී කඩුලූ 9 කට 133
(මැට් මචන් 33, මිචෙල් ලීස්ක් 42, මජීඞ් හක් නොදැවී 18, ජේම්ස් ටේරඞ්වෙල් 41/4, ජේම්ස් ඇන්ඩසන් 22/2, රවී බොපාරා 26/2)
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.